(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අග්බෝපුර, කිතුල්උතුව ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැළකට තමන්ගේ සුරතල් සුනඛයා ගිය අවස්ථාවේ සුනඛයාට පහර දුන් බව කියමින් එම වෙළඳසැලේ අයිතිකරුට පහර දුන්නේ යැයි කියන පොලිස් කොස්තාපල් රියදුරකු හබරණ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙකි.
පහර කෑමට ලක් වී ඇත්තේ හැට හත් හැවිරිදිවියේ පසු වන වෙළඳසැලේ අයිතිකරු ය.
වෙළඳසැලේ අයිතිකරු කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම කොස්තාපල් රියදුරා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි හබරණ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd