( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මහකුඹුක්කඩවල පූනවිටිය මාර්ගයේ බොරළු ප්‍රවාහන කරමින් තිබු ලොරි සියල්ලම නවතා දමන ලෙස බල කරමින් පූනවිටිය ඇතුළු ගම්මාන කිපයක ජනතාව හා පාසල් දරුවන් පිරිසක් අද (4) විරෝධයක් ඇරැඹුහ.
පූනවිටිය මහකුඹුක්කඩවල මාර්ගයේ බොරළු ප්‍රවාහනය හේතුවෙන් ගමන් කිරීමට නොහැකි තත්වයක් අදා වී ඇතැයි බවට විරෝධතාකරුවෝ කීහ.
එසේම ඉවක් බවක් නොමැතිව බොරළු ප්‍රවාහනය කිරීම හේතුවෙන් පූනවිටිය මාර්ගය එකම මඩ තලියක් බවට පත්ව ඇති බව ගැමියන් චෝදනා කළහ.
පූනවිටිය විද්‍යාලයට 4 දින අලුයම තම මව සමඟ යතුරු පදියෙන් ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනෙකු ඇද වැටි සුදු ඇදුම් පුරා මඩ තැවරි තිබු බව කියයි.
ඒ සමගම දරුවන් දෙදෙනාට ද සුළු තුවාල සිදුව තිබුනී. එම සිද්දියත් සමග කුපිත වු ගම්වැසියන් 200 ක පමන පිරිසක් බොරළු ඇදිමට විරෝධය දක්වා මහකුඹුක්කඩවල මාර්ගය අහුරා විරෝධතාවයක නිරත වූහ.
ඒ සදහා පූනවිටිය පාසලේ සිසුන් 30ක් හා ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයට යමින් සිටි තරුණියන් 50 කට ආසන්න පිරිසක්ද එක්ව තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බොරළු ප්‍රවාහනය නවත්වන්නැයි උද්ඝෝෂණයක්