‘බුරවී’ සුළි කුණාටුව අද (2) ත්‍රිකුණාමලයට කි.මී. 240 ක් නැගෙනහිරට වන්නට ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.4 ත් නැගෙනහිර දේශාංශ 83.4 ත් ආසන්නව ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව් වලට ආසන්න ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළෙන් දිවයිනට අද (2) රාත්‍රී කාලයේ ඇතුළු විය හැකි බව කාලගුණ දෙපාර් තමේන්තුව පවසයි.
සුළි කුණාටුවේ වේගය පැයට කිලෝමීටර 80 – 90 ත් දක්වා පමණ වන බවත් විටන් විට කිලෝමීටර 100 දක්වාත් වැඩිවිය හැකි බව දැක්වේ.
මේ හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර් 1 ක් පමණ ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත්බිම් ජලයෙන් යටවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" හෝ .. හෝ .. ගගා බූරවි එනවලු රටට ... රෝබිය මදිවාට මේ බිය කුමටද? අපට ... දේශපාලුවන් කට මැත දොඩවයි ජයට.. ඒ ජනතා දුකට දැන් කවුරුද පිහිට... "
’බුරවි’ අද පස්වරුවේ දිවයිනට" සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා.