සිය බිරියට  පහරදුන් බව කියන යුද හමුදා මේජර් වරයෙකු  අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, පනාගොඩ යුද හමුදා කඳවුරේ රාජකාරි කරන මේජර්වරයෙකු බව පොලිසිය කීය.

සැකකාර මේජර්වරයා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනි .

පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති .