(ප්‍රීති ජයවර්ධන)
පවුල් ආරාවුලක් දුරදිග යාමෙන් මාස දෙකක් වයසැති තම සිගිති දරුවා එල්ලා මැරීමට උත්සාහ කළ රංසෑගොඩ බෙරලිය අතුර ප්‍රදේශයේ පදිංචි පියෙකු අත් අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලීසිය කියයි.
වලස්මුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිදගේ නිවසේදී ඇතිකර ගත් පවුල් ආරාවුලක් මත ඔහුගේ නැන්දම්මාට පහර දීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබිණි .
මෙම පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නයි නැන්දම්මාට පවසන ලෙස බිරිදට බල කර ඇතත් බිරිද එය ඉටු කිරීමට කටයුතු නොකිරීම නිසා කෝපයට පත් සැකකරු මාස දෙකක් වයසැති සිය සිගිති දරුවා නිවස පිටුපස ඇති දොඩම් ගසක එල්ලා සැකකරුද එල්ලී සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත .
එහිදී බිරිද විසින් දරුවා බේරාගෙන තිබෙන අතර සැකකරුටද එල්ලීට ඉඩ ලබා දී නොමැත .
සිද්ධිය සැලවීමත් සමග වහා ක්‍රියාත්මක වූ පොලීසිය නිවස පිටුපස පිහිටි කැලෑ රොදක සැගවී සිටි සැකකරු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතක්, පපුවක් නැති පුදුම තාත්තෙක්. අනේ අම්මපා මෙහෙමත් දේවල් අහන්ඩ වෙන්නේ මොන කරුමෙකටද?
පිස්සෙක්...