(විජේරත්න රත්නායක )

පොරොවකින් පහරදී සිය සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට කාන්තාවක් අද (05) හාලිඇල පොලීසිය මඟින් අත් අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇල නාරංගල දෙබැද්දේවත්ත පදිංචි 36 හැවිරිදි කාන්තාවකි.

පහරදීමෙන් මියගොස් ඇත්තේ සැකකාරියගේ සැමියා වන ඉහත ලිපිනයේ පදිංචිව සිටි ගම්හේවයලාගේ ගුණපාල නමැති 37 හැවිරිදි තිදරු පියෙකි.

අද (05) අළුයම මෙම ඝාතනය සිදුව ඇති අතර ඉන් අනතුරුව සැකකාරිය පොලීසියට පැමිණ භාරවී ඇත.

මියගිය අය දිනපතාම පාහේ බීමත්ව පැමිණ සිදුකරන පහරදීම් හා හිරිහැර ඉවසීමට නොහැකිව බිරිඳ මෙම පහරදීම සිදුකර ඇතැයි පැවසේ.

හාලිඇල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.