(විමුක්ති එස් රුද්‍රිගු)
ඔපෙක් ප්ලස් රටවල් මැයි මස සිට සිය සැපයුමෙන් දිනකට බොරතෙල් බැරල් මිලියනයක් කපා හරින බව නිවේදනය කිරිමත් සමඟ ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ලෝක බොරතෙල් සැපයුමෙන් සියයට 40 ක ප්‍රමාණයක් ඔපෙක් ප්ලස් සංවිධානය සපයනු ලබයි.සෞදි අරාබිය තම සැපයුමෙන් බොරතෙල් බැරල් 500000 ක ප්‍රමාණයක් කපාහරින බව ප්‍රකාශ කර ඇති අතර ඉරාකයද බොරතෙල් බැරල් 211000 ප්‍රමාණයක් සැපයුමෙන් කපා හරින බව ප්‍රකාශ කර ඇත.
සෞදි බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත්තේ බොරතෙල් සැපයුම කප්පාදු කිරීමේ අරමුණ බොරතෙල් බැරලයක මිල ස්ථාවර කිරීම බවයි.
ඔපෙක් ප්ලස් සංවිධානය ගත් මෙම තීරණයේ අරමුණ නම් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80 සීමාවෙන් ඉහළ පවත්වාගෙන යාම බව විශ්ලේෂකයෝ පවසති.
ලෝක බොරතෙල් වෙළඳපොළේ අද(03) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 83.59 සීමාවේ පැවති අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 79.12 ක් ලෙස සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
OPEC කාරයින්ටත් හැමදාම ලාභය ඕනැවෙලා බොරතෙල් සැපයුම අඩුකරනවා. තරමක්වත් මේක මානුෂීයව බලලා දැනට කරන සැපයුම අඩුතරමින් වසරක කාලයක්වත් ගෙනියන්න බැරිද? දුප්පත් තෙල් නැති රටවල් දැනටත් ඉහළයන තෙල් මිලෙන් පීඩාවිඳින කොට තෙල් රටවල මඩිය තරකර ගන්නවා. මේ තෙල් වෙළඳාමේ කිසිම සාධාරණයක් දකින්න නෑ. විකල්ප බලශක්ති සොයාගත් පසු මේ රටවල තෙල්වලට කිසිම වටිනාකමක් නුදුරු අනාගතයේම නැතිවෙනවා නොඅනුමානයි...