බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ මහත්මිය විසින් ඉදිරිපත් කළ බ්‍රික්සිට් ගිවිසුම ඡන්ද 230 කින් ප්‍රතික්ෂේප වී ඇත.
යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ අරමුණින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කර අතර දින පහක් පුරා පැවැති විවාදයකින් පසුව ඡන්ද විමසීම පැවැත්විණි.
බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසය තුළ ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් වැඩි ඡන්ද ගණනකින් පරාජය වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
බ්‍රික්සිට් ගිවිසුමට විරුද්ධව ඡන්ද 432 ලැබී ඇති අතර පක්ෂව ඡන්ද 202 ක් ලැබී ඇත.
කම්කරු පක්ෂ නායක ජෙරම් කෝබන් විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
බීබීසී ඇසුරෙනි
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වුනොත් ඔවුන්ට යන එන මන් නැති වෙනවා
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය සමග සිටීමත්, නේටෝ සංවිධානය තව දුරටත් බලගැන්වීමත් ලෝකය (ලෝක ප්‍රජාව) ආරක්ෂා වීමට හේතු වනවා ඇත.