( තිළිණි ද සිල්වා )
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බ්‍රිතාන්‍යය අධිකරණයක් මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
පසුගිය වසරේ නිදහස් උත්සවය අතරවාරයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නිතර වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක අයුරින් සංඥාවක් නිකුත් කල බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබිණි.
ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණය හමුවේ පසුගිය ජනවාරි 21 වැනිදා ඔහුට එරෙහිව පවරා තිබූ නඩු විභාගයේදී ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු කරමින් වරෙන්තු නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් ඊයේ (02) දිනයේදී එම අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව යලි කැදවා ඇති අතර ඒ බ්‍රිතාන්‍ය , විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ කාර්යාලය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ රාජ්‍ය තාන්ත්‍රීක වරප්‍රසාද පිළිබඳව තහවුරු කිරීමෙන් අනතුරුව යැයි ද එම තනාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.
කෙසේවෙතත් සියළු නීතිමය කරුණු පැහැදිලි කිරීම සදහා ලබන මාර්තු මස පළමු වැනිදා එම නඩුව යලි කැදවීමට ද තීරණය කර ඇති බවද තානාපති ආරංචි මාර්ග සදහන් කළේය.
මේ අතර මෙම සිද්ධිය පිළිබඳව පසුගිය කාල වකවානුව තුළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැඩි කතාබහක් මතුවූ අතර ඒ මෙම වරෙන්තු කැදවීම ශ්‍රී ලංකා රජයේ අනුදැනුමකින් තොරව සිදුවීම ගැන විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කැඳවා රජයේ ස්ථාවරය දැන්වීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩේනේ දැන් අපිට බ්‍රිතාන්‍ය අධිකරණය නීතිය උගන්වන්න වෙලාවගේ...
කොටින්ව යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පමණක් ප්‍රශ්න විසඳන්න නැහැ. ජාත්‍යන්තර මට්ටමින් ඔවුන්ව තාම පරාජය කළේ නැහැ. ජාත්‍යන්තරය දිනන්න නම්, විදේශ සේවයට සුදුස්සන් පත් කළයුතුයි. එහෙම නැතුව ඡන්දෙන් පැරදිච්ච දේශපාලන අනාථයෝ, දේශපාලන පලිගැනීමට ලක්වූවන්ව, රටේ නායකයාගේ බැග් උස්සන්නන් පත් කරලා හෝ ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යංශයට පවරන්නේ නැතිව නම් හෝ අපිට ජාත්‍යන්තරය දිනන්න බැහැ.
මෙන්න මෙහෙමයි වැඩ කරන්න ඕනෑ. එහෙම නැතුව සමහර මෝඩ බමුණෝ වගේ, වළං කඩේට පනින ගොන්නු වගේ හැසිරෙන්න බෑ.
මේ අය හිතාගෙන ඉන්නේ අපි මෝඩයින් කියලා.. කට වහගන හිටියොත් අපිටත් වැඩේ දීලා යයි.
සිංහයෝ කවදත් සිංහයෝම තමයි!!!
දැන් ඉතින් ඔය වරෙන්තුව රෝල් කරලා තියාගන්න තමයි වෙන්නේ...
ඩයස්පෝරාවට අධිකරණයට ගියත් මේ නඩුව සාර්ථක කරගෙන බ්‍රිගේඩියර්වරයාට දඬුවම් ලබාදෙන්න කිසිසේත් බැහැ. එහෙම පවසන දේට දඬුවම් දෙන්න ගියොත් ඒවාට වෙනමම උසාවි පිහිටුවන්න වේවි. මෙය අපට වැටහෙන ආකාරයට අපගේ දේශපාලන ඉල්ලීම් හෝ වරප්‍රසාදවලට එරට අධිකරණය සැලකීමක් හැටියට දැකීමට බැහැ. එරට අධිකරණ නීතිය කොයිකාටත් එකසේ ක්‍රියාත්මක වෙනවා. ඔප්පුකර ගන්න බැරිවෙන අභිනයක් පමණක් ඇති වෙනත් වචනයකින් හෝ සාක්ෂියක් නොමැති නඩුවක් වෙස්මිනිස්ටර් අධිකරණය වුවත් කෙසේ විභාග කරන්නද? අප දකින ආකාරයට මේ බ්රිගේඩියර්තුමාද එසේ මෙසේ මිනිසෙකු නොවේ. ශූර බුද්ධිමතෙකි. තනි පුද්ගලයෙකු වශයෙන් එතුමා මුළු මහත් ඩයස්පෝරාවටම දුන්නේ සුළුපටු පහරක් නොවේ. එයද කාටවත් දඬුවමක් දිය නොහැකි බුද්ධිමත් පහරකි. එයද අභිනයකි. ව්‍යංගාර්ථයකි.
එල්ටීටීඊ ආරක්ෂා කරන අයට නඩු නේද?
එංගලන්තෙට ආවා නම්, ලංකාවේ දේශප්‍රේමීන්ද? එහෙම නැත්නම් දේශද්රෝහින්ද කියන දේ අදාළ නැහැ.. මොන විදිහකින් හෝ එංගලන්තේ වීසා එක දික්කරගෙන ජීවත් වීම තමයි ඔය දෙගොල්ලොම අපේක්ෂා කරන්නේ. ලංකාව ගිනි ගත්තට, එංගලන්තේ ජීවත් වෙන අයට ගැටළුවක් නැහැ. ගින්නක් නැත්නම්, ගිනි තියලා හෝ වැඩේ කර ගන්න. ඔය දෙපිරිසම දක්ෂයි. ඒ නිසා, ප්‍රශ්න විසඳන කෙනෙකුට වඩා, ප්‍රශ්න ඇතිකරන කෙනෙකු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු එංගලන්තෙ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්ට වටිනවා. ගැටුමට මැදි වූ දෙගොල්ලොම ඉන්නේ එකම බෝට්ටුවේ...? යතාර්ථය නොදන්නා අය කටවහගෙන ඉන්න එක මේ දෙගොල්ලන්ටම යහපතක්. මෙතන ඇති දේශපාලනයක් නැහැ. ඇත්තේ... බඩ, කට, පිරෙන්න කාලා ඇඳලා ජීවත් වෙන්න උත්සාහ දැරීමයි. කොහොමත්, ලංකාවේ වගේ මෝඩයෝ එංගලන්තේ නැහැ.
සාක්කි දෙන්න ආව සිංහලයන් දෙන්නා අනිවාර්යයෙන්ම පී.ආර්. නැති අය... දැන් හේතුවක් තියෙනවා දේශපාලන රැකවරණය ඉල්ලන්න. අවසානයේ ගොඩයන්නේ ඔය වගේ අය තමයි..
"ලංකාවේ වගේ මෝඩයෝ එංගලන්තේ නැහැ." මැට්ටෙක් වගේ කතා කරන්න එපා හලෝ ඔහෙට ලංකාව මතක් වෙන්නේ සුද්දෙක් " යු බ්ලැඩි නිගර්" කීවදාටයි.
ලෝකයේ බුද්ධිමතුන් අතර ලංකාව ඉන්නේ 02 වෙනි තැනට. 01 ඊශ්‍රායලය. ලංකාවේ මෝඩයෝ නැහැ. කණගාටුවකට තියෙන්නේ අපේ බුද්ධිමතුන්ගෙන් 42% ක් ම ඉන්නේ විදේශවල වීමයි.
ජාතිවාදීන්ට ආගම්වාදීන්ට මෙයා රජෙක් වගේ පෙනුනට බුද්ධිමතුන්ට මේ ක්‍රියාව මුලුමනින්ව රට පාවාදීමක් ලෙසයි බහුතරයා දකින්නේ