(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
සිය පස් හැවිරිදි දියණියගේ කට දෙපස ගිණි පෙල්ලකින් බරපතල ලෙස පිලිස්සූ බව කියන මවක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දැරියගේ පියා රැකියාව සඳහා පිටව ගොස් සිටි අවස්ථාවක මව විසින් දැරියගේ කට දෙපස පුළුස්සා ඇති බවත් දැරියගේ කෑ ගැසීම හේතුවෙන් දැරියගේ සීයා පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකාර මව අත්අඩංගුවටගත් ගෙන තිබේ.
සැකකාර මව ආහාර පිසිමින් සිටින අවස්ථාවන්හිදී නිරන්තරයෙන් දඟ වැඩ කිරීම,බොරුකීම හේතුවෙන් උරණවී ඇති මව ළිපෙහි ගිණිපෙල්ලක් ගෙන එලෙස පුළුස්සා ඇති බවට විමර්ශනවලදී අනාවරණයවූ බව පොලිසිය අධිකරණයට දැණුම්දෙනු ලැබීය.
එලෙස පුළුස්සා ඇත්තේ අක්කරායන්කුලම,විනායගර්කුඩිඉරිප්පු පදිංචි පස් හැවිරිදි දැරියක වන අතර ඇය වැඩිදුර ප්‍රතිකර සඳහා කිලිනොච්චිය දිසා රෝහල වෙත ඇතුලත්කොට වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය පැවසීය.
අත්අංගුවට ගත් එන්.තයාලිනි නමැති 32 හැවිරිදි මව ලබන 21 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය අතිරේක මහෙස්ත්‍රාත් කාර්තිකා ශර්මා මහත්මිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා හිංසනයන් තමා නමුත් කුඩා කාලයේ සිට දරුවෙක් බොරු කියනවා වැනි වැරදි කිරීම කලොත් අනාගතයේ කුමක් වේද සිතිය නොහැක. කෙනෙක් අත් අඩංගුවට ගන්නවා කියන්නෙ නින්දිතම වැඩක් දැන් මේ අම්මා යම් ලෙසකින් නිදහස්ව ආවම මේ දරුවා බලා ගන්නෙ කොහොමද මම නම් කිසිම ලෙසකින් භාර ගන්නෙ නැහැ මෙයින් වෙන්නෙ දරුවාගේ අනාගතය අදුරුවීමක් පමණි.
හොඳ දෙයක්... මේ වගේම ලංකාවේ පට්ට හොරුන්ගේත් දෑත් කපාදැමිය යුතුයි.
දෙමාපියෝ අපෙත් කටවල් පිච්චුවා... අපි නම් පොලිසියට ගියේ නෑ. ඒ නිසා තමා අද අපි හිරේ නොයා ඉන්නේ...