( ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ලිඳුල, ෆර්හෑම් වත්තේ වතු කම්කරුවෙකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (31) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලිඳුල, ෆර්හෑම් වත්තේ පදිංචිව සිටි ජෝශප් එඩ්වඩ් (72) නැමැති අයෙකි.
වත්තේ වැඩ කරමින් සිටි පුද්ගලයන් අතරට එකවරම බඹර කූඩුවක් කැඩී වැටී එහි සිටි බඹරුන් ඇවීස්සී පුද්ගලයන් දෙදෙනෙකු හට දෂ්ඨ කොට ඇති බව පොලීසිය කියයි.
බඹරුන් දෂ්ඨ කරන ලද පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට රැගෙන ආ බවත්, ඉන් එක් අයෙකුරෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව ලිඳුල ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ. ජෙයරාජන් මහතා පැවැසීය.
අනෙක් පුද්ගලයාටද විශාල බඹරුන් පිරිසක් දෂ්ඨ කොට ඇති බවත්, එම පුද්ගලයා නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවද ජෙයරාජන් මහතා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බඹර විසට ජීවිතයක් බිලි