(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය ඇස්සැද්දුම සුභාරතී විදුහලේ ප‍්‍රාථමික අංශයේ සිසුන් 35 දෙනකු බඹර ප‍්‍රහාරයකට ලක්ව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
අදාළ විදුහලේ එක් පසෙක තිබූ බඹර කූඩයකට සිසුවකු ගල් කැබැල්ලක් ගැසීම නිසා ප්‍රකෝපකාරීවූ බඹරුන් සිසුනට එලව එලවා පහරදී ඇත.
එම විදුහලේ 4 සහ 5 ශ්‍රේණිවල සිසුන් පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති අතර තුවාල ලැබූ සිසුන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd