
(අංජුල මහික වීරරත්න)
චීන කොමියුනිට්ස් පක්ෂයේ ආරාධනාවක් මත චීනයට ගොස් සිටින ප්‍රවාහන මහාමාර්ග නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා චීනයේ ගුවන්ෂි ප්‍රාන්තයේ වගා නිරීක්ෂණයකට සඳහා සහභාගී විය.
ගුවන්ෂි ප්‍රාන්තයේ පළතුරු වගා ප්‍රදේශයක පිහිටා ඇති ගුවන්ෂි ජින්ෂු කෘෂි සමාගම එහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
මෙම සමාගම විසින් වර්ග කිලෝමීටර 3.6 ක් වන භූමි ප්‍රමාණයක වගාව පවත්වාගෙන යන අතර එම කෘෂිකාර්මික ප්‍රදේශය ආශිතව ගෘහ ඒකක 10907 ක් පවතී.
42675 ක පමණ ජනතාවක් එයින් ප්‍රතිලාභ ලබමින් ජීවත් වෙති.
" ඩ්‍රැගන් ෆෘට් " වගාව ආශ්‍රිතව රැකියා කරන ගෘහ ඒකක වල වාර්ෂික ආදායම සාපේක්ෂව ආසන්න වශයෙන් තුන් ගුණයකින් පමණ ඉහල අගයක පවතින බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ, අවුරුදු 16න් පස්සේ ගෙදරින් පිටවන දුවට පුතාට රු. 5000ක් අතට දෙන්න වගේ ගොබ්බ කතා ගොන්නක් කියලා, ඒ මදිවට තමන්ගේ උද්ධච්චකම නිසාම තමන් යටතේ සේවය කළ ඉහළ නිලධාරින් කීප දෙනෙකුටම රස්සාවල් එපා කරපු මෙතුමා ගෙන් වෙන්නට නියමිතව තිබුණු හානිය ජනාධිපතිතුමා විසින් ඇමැති පට්ටම ගලෝලාවත් බේරා ගන්න උත්සාහ කළ එක හොඳයි. දැන් ඉතිං ඔය චීනෙ හරි කොහේ හරි රවුමක් දාලා ඩ්‍රැගන් ෆෘට් වගාව, බිම්මල් වගාව වගේ පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන සද්ද නැතුව ඉන්න කියලා බිමල් ඇමැතිතුමාට නොකියා කියපු එක විශේෂයෙන්ම npp ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට හොඳයි...
චීනයේ ක්ෂින් අධිරාජයා යටතේ ලංකාවේ අනුරකුමාර පාලනය කරන්න හිතේ ආසාවක් තියෙනවා වගේ...
ඇමැති බිමල්ගේ විෂය පථය...කෘෂිකර්ම ඇමැති කවුද?
හොදට බලන්න ඕනෙ හොදේ... ඒ ඇති අපට... ආපහු එද්දී කෙහෙල් කැනක් දැම්මොත් අරගෙන එන්න.
රිලවන් හා වදුරන් පලවා හැර... වගා වලට පවතින හානි අවම කර ගැනිමෙන් මිනුසුන්හට පවතින ගැටලු නිවාරන කරගැනිමට හැකිවේ. ගම් වැසියන්ට වගා වලින් ඉහළ අදායමක් පවත්වා ගැනීමට හැකියි...
ගිහින් බලලා ආවට වැඩක් නැහැ. ලංකාවේ ඔය මොකක්වත් ක්‍රියාත්මක කරන්න බැහැ... අපරාදේ සල්ලි.. ඇමැතිට වගාව දියුණු කරන්න අවශ්‍ය වුණත් ඉන්න කෘෂි කාර්මික නිලධාරියොත් එක්ක බැහැ. ඒ ගොල්ලන් පුරුදුවෙලා ඉන්නේ උදේ ඇවිත් පොත අත්සන්කරලා එළියට ගිහින් තමන්ගේ පුද්ගලික වැඩ සහ බිස්නස් කරගෙන.., හවසට නැවත කන්තෝරු ඇවිත් පොත අත්සන් කරලා ගෙදර යන්න. මේවා දියුණු කරන්න ඕනේ නම් ඉන්න නිලධාරීන් කොටසක් ඉවත් කරලා චීන්නු ගෙනත් දමන්න ඕනේ...
දුම්රිය බලලා ඉවරද ඇමතියෝ...
රිලවු , වඳුරෝ , මොනරු එක්ක මුකුත්ම වගා කරන්න බැහැ නිකන් බොරුවට මුන්ව ගණන කරලා හරියන්නේ නැහැ , පියවරක් ගන්න , එක්කෝ මුන් අල්ලලලා වඳ සැත්කම් කරන්න ඕනේ , එහෙම නැතිනම් වෙඩි තියල දමන්න ඕනේ , එහෙමත් නැත්නම් චීනෙට පටවන්න ඕනේ...