IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


බිම්බෝම්බ ඉවත් කිරීමේ සැලැස්ම කියයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ප්‍රකාශයට පත් කර තිබෙි.

ඒ අනුව 2027 වසර අවසන් වන විට මෙරට බිම් බෝම්බ වලින්තොර රටක් බවට පත්කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම එළිදැක්වීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී  සිදු කෙරිණ. 

මෙම වැඩසටහනට පැමිණ සිටි තානාපතිවරුන්ට, මහකොමසාරිස්වරුන්ට සහ විදේශීය නියෝජිතයින්ට මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමට අදාල සැලැස්ම  අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

ජිනීවා ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ සහාය ඇතිව බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය විසින් 2023 වසරේ සිට 2027 වසර දක්වා මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරී උපායමාර්ගික වැඩසටහන සකස් කර ඇත. 

මේ වන විට උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර 204 කට අධික භූමි ප්‍රමාණයක පුද්ගල නාශක බිමි බෝම්බ ඉවත් කොට සිවිල් ජනතාව වෙනුවෙන් නිදහස් කර තිබේ. තවත් වර්ග කිලෝමීටර 15 කට ආසන්න භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ගලවා ඉවත් කිරීමට නියමිතව ඇති බව ‘බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ සඳහන් කරයි. 

 



අදහස් (3)

බිම්බෝම්බ ඉවත් කිරීමේ සැලැස්ම කියයි

benil wiejay Sunday, 02 April 2023 12:18 PM

ඊළඟ ඡන්දයේදී ජනතාවට මේ දේශපාලු බිම්බෝම්බ ඉවත් කිරීමට නුවණ පෑදේවා !!! රණතුංග ඒ අතරින් ප්‍රධාන වේ. රාජපක්ෂ මහා හඬක් සමග පුපුරා ගියා. අපට විශාල සද්දෙකුත් කැලණිය පැත්තෙන් ඇසුණා!!

:       4       14

ගමේ එකාලා Sunday, 02 April 2023 03:36 PM

ඒ ගමන්ම කප්පම් ගන්න අලුත් විදියක් ගැනත් හිතාගෙන ඇති...

:       0       7

ගනේගොඩ Sunday, 02 April 2023 04:34 PM

ඒවා අපි කරගන්නම්.. නිකන් පණ්ඩිත වෙන්නේ නැතුව ඉන්න...!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 721 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1134 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site