(බදුල්ල විශේෂ පියල් කිත්සිරි)
බීමතින් රිය පදවා මහමඟ ගමන් කළ පුද්ගලයින් දෙදෙනකු අනතුරට ලක් කොට පළා ගියැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා හමුවට ඉදිරිපත් කළ බදුල්ල දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
මෝටර් රථයේ ආදායම් බලපත්‍රය, රකෂණ හෝ සැකකරුගේ රියදුරු බලපත්‍රය හෝ නොමැතිව සැකකරු බීමතින් පසුගිය 21 වැනි දා රාත්‍රීයේ රිය පදවා මහමඟ ගමන් කළ පුද්ගලයින් දෙදෙනකු අනතුරට ලක් කිරීමෙන් අනතුරුව ඔහු පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පස්සර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
අනතුරින් තුවාල ලැබුවන් මේ වන විටත් ප්‍රතිකාර ලබන බව කියමින් පස්සර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය පිළිබඳව අංශයක මෙවන් නිවටයන් සිටීම මහා පාපයකි. සියලුම පුරවැසියන් නෙත් යොමා සිටින්නේ මේ "කාලකන්නියාට" නිසි දඬුවම් නීතියෙන් ලැබේද? නොඑසේනම් ස්වභාව ධර්මයා විසින් ලබාදේද යන්න පිළිබඳවය.
මේ වගේ උදවියට වැඩියෙන් දඬුවම් දෙන්න ඕනෑ. රටේ නීතිය සෙල්ලමකට අරගෙන...