(සිරංගිකා ලොකුකරවිට)
බෝප පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (07) පැවැත්වෙමින් තිබිය දී ගම්වාසීන් පිරිසක් එහි කඩා වැදීම හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවිය.
විරෝධතා පුවරු රැගෙන කෑ කෝ ගසමින් සභාව පැවැත්වෙන ස්ථානයට පැමිණි ඔවුන් සභාව පැවත්වෙද්දී රැස්වීම පැවැත්වෙන ස්ථානයට ඉදිරිපිට මහජන ගැලරියේ රැඳී සිටිමින් උද්ඝෝෂණයක නිරතවූහ.
ඔවුන් ඉල්ලා සිටියේ වටරැක නැගෙනහි කළුපහන මාවතේ කැඩී ඇති බෝක්කුවක් කඩිනමින් පිළිසකර කර දෙන ලෙසයි.
එම බෝක්කුව කැඩී ගොස් දැනට වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇති අතර කොතෙක් දැනුම් දුන්න ද ඒ සඳහා සභාවෙන් කිසිදු පියවරක් ගෙන නැතැයි ගම්වාසීහු චෝදනා කරති.
මෙලෙස සභාව පැවැත්වෙන ස්ථානයට පැමිණි පිරිස 30 දෙනකු පමණ විය.
මේ අවස්ථාවේ දී සභා රැස්වීම අතරමග නතර කළ සභාපති දිල්රුක් අබේකෝන් මහතා ඔවුන්ට කියා සිටියේ දැනටමත් එම බෝක්කුව අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් දෙලක්ෂ අසූදහසක මුදලක් වෙන්කර ඇති බවයි.
කවුරුන් හෝ ඉදිරිපත් වී සමිතියක් මාර්ගයෙන් හෝ එම මුදල යොදවා බෝක්කුව අලුත්වැඩියා කරන ලෙස ද සභාපතිවරයා දැනුම් දුන්නේය.
නමුත් මේ වනවිට සිමෙන්ති ඇතුළු අමුද්රිව්ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැවින් එම මුදල ප්‍රමාණවත් නොවිය හැකි බව ද සභාපතිවරයාගේ අදහස විය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බොපේ ප්‍රා.සභාවට ගම්මු කඩාපනිති
Hafeel Thursday, 07 April 2022 12:01 PM
මේවා හොඳ ආරම්බයක්. මෙහම ගියොත් ඉදිරියේදී දේශපාලුවන්ට තියන ගරුත්වයත් නැති වෙනවා. එක වෙන්නත් ඕන. මෙච්චර කල් ජනතාව බයයි දේශපාලුවන්ට. අද තත්වය වෙනස් වෙලා දෙශ්ස්පාලුවන් බයයි ජනතාව