(ප්රසාද් රුක්මල් )
ඌවපරණගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිළධාරින් පස්දෙනෙකු අද (16) මස්පන්න යහලගමුව රක්ෂිතයේ වැටලීමකට ගිය අවස්ථාවේ වනසතුන්ට කිසිවෙකු විසින් අටවා තිබු බදින තුවක්කුවක් පෑගි පත්තුවී පුපුරායාමෙන් පොලිස් කොස්තාපල් රියැදුරෙකු බරපතළ තුවාල ලබා වැලිමඩ රෝහලට ඇතුලත් කළ බව ඌවපරනගම පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා ඇත්තේ ඌවපරණගම පොලිසිය ට අනියුක්තව පොලිස් කොස්තාපල් රියැදුරෙකු ලෙස සේවය කරන ඌවපරණගම ඉඩමේහංදිය ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි පොලිස් නිළධාරියකු යැයි පොලිසිය කීය .
පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂකවරයා එම පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයකු ,පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල් රියැදුරු සමග ලැබුණු තොරතුරක් මත යහලගමුව රක්ෂිතයේ වැටලිමකට ගොස් ඇති අතර, මෙම පොලිස් කොස්තාපල් රියැදුරු පාගමනින් ඉදිරියෙන් ගමන් කරම්න් සිටියදි කිසිවෙකු විසින් වනසතුන් දඩයම් කිරීම සදහා අටවා තිබු බදින තුවක්කුවක් මෙලෙස පෑගි පුපුරා ගොස් ඇතයි පොලිසිය සදහන් කලේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd