
( අප්සරා යෝසිත් විජේසූරිය )
රත්නපුර වෙරළු ගල්ඇන්ද ප්‍රදේශයේ පහරදීමකින් මරණයට පත් තරුණයෙකුගේ අවසන් කටයුතු පිළිබදව බැනරයක් සවිකිරීමක යෙදුණු තරුණයන් කීපදෙනෙක් සහ තවත් පිරිසක් අතර ඇතිවූ ආරවුලකදී ආයුධයකින් කළ පහරදීමකින් පසුව රෝහල්ගතකළ සිව්දෙනෙකුගෙන් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතිබව පොලිසිය පවසයි.
මෙසේ පහරදීමකට ලක්ව් මරණයට පතවූයේ වෙරළුප ගල්ඇන්ද පදිංචි කේ.එම්.චන්න නිලංග (28) තරුණයෙකි.
ඉකුත් 06 දින රාත්‍රී 10:30 12:30ත් අතර මේ සිදුවීම සිදුව අතැයි පොලිසිය සදහන් කරයි.
මෙම ආරවුල සිදුවන අවස්ථාවේ තුවාල ලද අනෙක් තරුණයන් තිදෙනා රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු බරපතල අසාධ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි .
මේ ආරවුලදී මරණයට පත් චන්න නිලංග තම එකම පුත්‍රයා බව ඔහුගේ මව පැවසුවාය.
රෝහල්ගතව සිටින අනෙක් පුද්ගලයන් තිදෙනා සිදුවීමෙන් මරණයට පත් චන්න නිලංග බැනරය සවිකිරීමට කටයුතු කරමින් සිටියදී ආරවුලට සම්බන්ධ අනෙක් පාර්ශවයේ දෙදෙනකු මාර්ගයේ ගමන්කරමින් සිට ඇතිඅතර, ඔවුන් පැමිණි බැනරය සවිකිරීමට යෙදු නූලක් යතුරුපැදිය මතට වැටීම නිසා දෙපිරිස අතර බහින්බස්වීම දුරදිග යාමෙන් මේ ආරවුල් සිදුව ඇතිබව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණයව ඇත.
මේ සිදුවීමෙන් පසුව මේ පිළිබඳව සැකකරුවන් කීපදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
මේ අපරාධ සිදුවීමෙන් ආසන්න පැය කීපයක් තුලදී රත්නපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන් විසින් ගල්ඇන්ද ප්‍රදේශයේදීම මේ සැකකරුවන් අත්අඩංගුවට ගනුලැබීය.
මෙම කලහකාරි සිදුවීමෙන් පසුව එම එක් සැකකරුවෙකුගේ නිවස කිසියම් පිරිසක් ගිනිතබා ඇති බවත් මේ සම්බන්ධව විමර්ශන සිදුකරමින් පවතින බවත් පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"නූලක් යතුරුපැදිය මතට වැටීම නිසා දෙපිරිස අතර බහින්බස්වීම දුරදිග යාමෙන් මේ ආරවුල් සිදුව ඇතිබව" හොදින් මද්‍යස්තව හිතමු. ඉතාමත් සුළු කාරණයකට කාමරාගන්න තරමට අපේ සමාජය පිරිහී ඇති බව මනාවට පැහැදිලි වෙනවා නොවේද..? සමහරවිට මෙය අත්වැරදීමක් විය හැකිය. එම අවස්ථාවේ සිනහමුසු මුහුණින් එය අමතකර එතනින් ගියා නම් අදත් මේ තරුණයා ජිවත් වෙනවා නොවේද ? හික්මීමක්, ඉවසීමක් නැතිකම ජිවිතයක් අහිමිකර ඇත. ඉතාම කනගාටුදායක සිදුවීමක්.