(යොහාන් භාසුර)
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කළ The Newspaper චිත්‍රපටය 23 වැනි ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්ෂණයට සම්මාන හිමිවිය.
මෙම වසරේ මැයි 29 දින සිට ජූනි මස 05 වැනි දින දක්වා නැගෙනහිර ලන්ඩනය පුරා විහිදී යන මෙම ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී විවිධ විශේෂාංග පවත්වනු ලබන අතර බ්‍රැඩි ආට්ස් සෙන්ටර්හිදී සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට දර්ශනය කළේය.
මෙම සිනමා දැක්මේදී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, සම්මන්ත්‍රණ, ආදිය පැවැත්වේ. වෘත්තීයමය සිනමා නිෂ්පාදකයින්, අධ්‍යක්ෂකවරු, ඡායාරූප ශිල්පීන්, කර්තෘවරුන්, සිනමා මාධ්‍යවේදීන් ආදී ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සහභාගී වන මෙම සිනමා උළෙලේ අවසානයේ ජයග්‍රාහකයින් නිවේදනය කරයි.
ජාත්‍යන්තර සිනමා උළෙලකදී The Newspaper සිනමා පටය සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර එම චිත්‍රපටය මීට පෙර බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී දකුණු ආසියාවේ හොඳම සිනමා කෘතිය ලෙස සම්මානයට පාත්‍රවිය.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ 4 වැනි සම්මානනීය සිනමා කෘතිය වන The Newspaper චිත්‍රපටය සඳහා සම නිෂ්පාදන දායකත්වය ඩබ්. පේමසිරි මහතා සහ රවීන්ද්‍ර ගුරුගේ යන මහත්වරු එක්වූහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බන්දුල්ගේ චිත්‍රපටයට ලන්ඩනයෙන් සම්මානයක්
chandima Wednesday, 08 June 2022 05:44 AM
එගොල්ලො බයිස්කොප් පෙන්නනව අපි බලන් ඉන්නව. හැමදාමත් අපට උනේ එයාලගෙ බයිස්කොප් බලන්න තමයි.