(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල නගරයේ ආපනශාලාවක අද (04)වන දා දහවල් ඇති වූ හදිසි ගින්නකින්දු දුම් ආග්‍රහනයවීම‍ෙන් හුස්ම ගැනීමට අපහසුතාවෙන් පෙලුන සේවකයන් සිව්දෙනෙකු බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ එම ආපනශාලාවේ සේවය කරම්න් සිටි සේවකයන් සිව්දෙනෙකු යැයි පොලිසිය කීය.

මෙම ආපනශාලාව පවත්වාගෙන යමින් සිටිය දී අද (04) දහවල් එක්වරම ගින්න හටගෙන ඇති අතර බදුල්ල පොලිසිය, මහ නගර සභා ගිනිනිවිම් ඒකකයේ නිළධාරින් එක්වී ගිනිනිවිම් රථ ජල බවුසර් යොදා ගනිමින් ගින්න අවට වෙළදසැල් වලට පැතිර යාමට ඉඩනොදී නිවා දැමූ බවත් පොලිසිය සඳහන් කළේය.

ගින්න හටගන්නා අවස්ථාවේ එහි ඉහළ මහලේ  සේවය කරමින් සිටි සේවකයන් සිව්දෙනෙකු දුම් ආග්‍රනයවිමෙන් හුස්ම ගැනීමට අපහසුතාවෙන් පෙලෙමින් සිටියදී  මෙසේ රෝහල් ගතකළ බවත්, ඔවුනගේ තත්වය බරපතළ නොවන බවත් පොලිසිය පැවසීය .