IMG-LOGO

බදුල්ලේ සමෘද්ධිලාභීන්ට රුපියල් මිලියන 344ක්

( විජේරත්න රත්නායක )

කොරෝනා අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සමෘද්ධිලාභී පවුල් සඳහා ලබාදෙන අරුණළු සහන ණය  යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභී පවුල් 69,013 ක් සඳහා  රුපියල් මිලියන 344 ක ගෙවා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සදහන් කළාය.

කොරෝනා ගැටළුවට බදුල්ල දිස්ත්‍රික්යේ පවතින තත්වය සම්බන්ධයෙන් මාධ්‍යය දැනුවත් කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්  ලේකම් කාර්යාලයීය දී අද (03) පැවැති  හමුවකදී පැවසුවාය.

බදුල්ල දිස්ත්‍රික්කයේ වෙසෙන සමෘද්ධිලාභී පවුල් 76,351 න් පවුල් 69,013 ක් සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පළමු අදියර ලෙස රු.5000.00 ක් බැගින් මෙම සහන ණය ගෙවා ඇති අතර සෙසු පවුල් සඳහා ඉදිරි දෙසතිය තුළ එම මුදල් ලබාදීමට පියවර ගන්නා බවද ඒ මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව මේ වන විට ගෙවා ඇති මුදල රු.343,927,500.00 ක් වන අතර වර්තමානයේ පවතින අවදානම් තත්ත්වය හමුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි කාර්ය මණ්ඩලය මෙම මුදල් දින කිහිපයක් ඇතුලත  නිවෙස් වෙතටම ගොස් ලබාදීමට පියවර ගෙන තිබේ.
 



අදහස් (1)

බදුල්ලේ සමෘද්ධිලාභීන්ට රුපියල් මිලියන 344ක්

Asanka Friday, 03 April 2020 10:47 AM

පොදු පෙරමුණේ සමෘධි කට්ටිය විතරද මෙ වෙලේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ... අනිත් අය මිනිස්සු නෙවෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site