(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල බන්ධනාගාර භාරයේ සිටි රැදවියකු හදිසියේ රෝගි වී බදුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (18) මියගිය බව බදුල්ල පොලිසිය පවසයි .
නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.ඒ.චාමර දිනේෂ් පෙරේරා (42l) නැමති අයෙකු මෙසේ මියගිය බවද පොලිසිය කීය.
මොහු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසියේන් අත් අඩංගුවට ගෙන නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් නුවරඑළිය අධිකරණය මගින් සැකකරු බදුල්ල බන්ධනාගාරයේ රදවා තැබීමට නියම කර ඇති බවත් පොලිසිය සදහන් කලේය .
ඒ අනුව සැකකරු බදුල්ල බන්ධනාගාර නිළධාරින් ගේ ආරක්ශාව යටතේ බදුල්ල බන්ධනාගාර යේ සිටියදි හදිසියේම අසනිප වී බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි මෙසේ මියගොස් ඇතයි පොලිසිය පැවසීය .
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd