
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගත්තේ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ඔවුන්ගේ සම්බන්ධයක් සහ යම්කිසි දායකත්වයක් ලැබී ඇති බවට විමර්ශන කටයුතු මගින් අනාවරණය වීමෙන් පසුව බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
මෙි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ කරමින් සිටින බවද සරත් වීරසේකර මහතා කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අලුයම රිෂාඩ් බදුයුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි.., නමුත් ඡන්දයක් ආවොත් හෝ 2/3 ගන්න ඕනෑ වුණොත් නැවත නිදොස්කොට නිදහස් කරන්න එපා.. එහෙම වුණොත් වස ලැජ්ජාව. පොලිසියට මතකයිනේ කළින් වූ දේ...
යන්නේ කොහේද? මල්ලෙ පොල්... මේ වගේ පච වෙච්ච පොරක් ළඟදී දැක්කේ නැහැ.
හේතු අපි අහන්නේ නැහැ... අත්අඩංගුවට ගත්තා නම් ඒ ඇති. ඊට පස්සේ ගස් නම් ගස්, කුඩු නම් කුඩු... ඕන එකක් ඔයගොල්ලෝ කරන්න.. අපි අත් දෙකම උස්සනවා.
එතකොට හිටපු ජනාධිපති වත්මන් පොහොට්ටුවේ මන්ත්‍රී මෛත්‍රී සහ හිටපු අගමැති රනිල් තාම නිදැල්ලේ...
ඔහොම බයිලා කීයක් කිව්වද මෙයා...? කියන්න තියෙන්නේ ඡන්දෙ ළඟයි. ඒකයි කසකාරයින් වේලාසනින් ඇවිල්ලා කියන එක විතරයි
හේතු කියලා මදි... හේතු තියනවා නම් දඬුවම් දෙන්න. පාස්කු ප්‍රහාරේ කලින් දැනගෙන නොකියපු හරින්ටත් එක්ක...
දැන් අපි ඔහේලට ඡන්දෙ දෙන්න ඕනෑද, නැත්නම් ජාතිවාදී කෝලාහල පටන් ගන්න ඕනෑද?