(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)
වන සතුන් ඝාතනය කිරිම සදහා දඩයක්කරුවෙකු විසින් අටවන ලද බදින තුවක්කුවක් පත්තු විම නිසා වයස අවුරුදු තුනක අලි පැටවෙකු මිය ගොස් සිටියදි අලුත්වැව වැව් බැම්ම පාමුල ආසන්නයේදි සොයාගත් බව වනජීවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර අඩවි වන නිලධාරි කාර්යාලය කියයි.
දිවුල්වැව පොලිස් වසමේ කුඹුක්වැව,මීමින්නාවල,අලුත්වැව වැව් බැම්ම ආසන්නයේ වැටි සිටි මෙම මිය ගොස් සිටි අලි පැටියා සම්බන්ධයෙන් ගම්වාසියෙකු විසින් ලබාදුන් තොරතුරක් මත වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් අලි පැටියා සොයා ගෙන තිබුණි.
අඩි තුනක් පමන උසින් යුක්ත අවුදුරුදු තුනක් පමන වයසැති මෙම වන අලි පැටියා මීට සති දෙකකට පෙර දඩයක් කරැවෙකු විසින් අටවන ලද බදින තුවක්කුවක් පත්තු විම නිසා ඉදිරි පාද දෙකට බරපතල හානි සිදුව ඇතැයි වනජීවි නිලධාරිහු පවසයි.
බදින තුවක්කුව පත්තුවිම නිසා ඉදිරිපාද දෙකට තුවාල සිදුවි ඔඩු දිවිම නිසා අලි පැටවා මිය ගොස් ඇතැයි අලි පැටියාගේ මරණය සම්බන්ධයෙන් පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණයවි තිබුණි.අලි පැටියා පාදයේ තිබු යකඩ බෝල කිහිපයක්ද මෙහිදි සොයා ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බදින තුවක්කුවට අලි පැටවා බිලි