IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


බදින තුවක්කුවක් පත්තු වී අයෙක් මරුට

( සමන් පාලිත නානායක්කාර )

කොස්ලන්ද අක්කරසිය ප්‍රදේශයේ දී අද (23)  බදින තුවක්කුවක් පත්තු වී තිස් හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොස්ලන්ද, වෙලන්විට, අක්කරසිය පදිංචිව සිටි උඩවෙල  බාලගේ ඉන්දික සම්පත් නමැති  තිස් හැවිරිදි පුද්ගලයෙකි. 

නිවස ආසන්නයේ කැලෑ රොදක තිබී හමුවූ මළ සිරුර සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී බඳින තුවක්කුවකින් වෙඩි වැදී ඇති බවට පොලිසිය විමර්ශනවලදී හඳුනාගෙන තිබේ.

නිවසට ජලය ගෙන ඒමට ඇළට යන අවස්ථාවේ පුතා බිම වැටී  සිටිනු දැක මව පොලීසියට දන්වා ඇත.

බදින තුවක්කුවක් ඇටවූ  පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැත. කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති රත්නසිරි බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

 



අදහස් (0)

බදින තුවක්කුවක් පත්තු වී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site