(නිමල කොඩිතුවක්කු)
අද වන විට ජීවත්වීමේ අයිතිය පවා ජනතාවට අහිමි වී ඇති බවත්, අතිවිශාල පිරිසක් රට හැර යමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(6)පැවසීය.
රටේ බුද්ධිමත් තරුණ පරම්පරාව රට හැර යන තත්ත්වයට පත්ව ඇති බවත් බුද්ධිගලන ඛේදවාචකයට ලංකාව මුහුණ දෙමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ගුවන් සේවා ආයතනවල නියෝජිතයින් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය.
ජාතික සංවර්ධන වැඩපිළිවෙළක් සහ මාර්ග සිතියමක්, කාල වකවානු සහිතව ක්‍රියාත්මක නොකරන තාක්කල් රට ගොඩනැගිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ඒ උදෙසා අලුත් වරමක් සහිත, ස්ථාවර රජයක් අවශ්‍ය බවත් එසේ නොකර ජනතාව ඇන්දවීමෙන් මේ රට ගොඩනැගිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර "විපත් මග" කියලා මරාලයක් අටවාගෙන රට අනතුරට හෙලාපු මන්ද බුද්ධිකයින් ගැනද මේ කියන්නේ? අනික අපේ රටේ කොහෙද බුද්ධිමත්තු ඉන්නේ? දේශපාලකයින්ට වන්දි භට්ටකම් කරන නිවටයින් රැළක්නේ ඉන්නේ... ලංකාවේ ඉතුරුවෙලා සිටින ඉතාම සුළුතරයක් වූ බුද්ධිමතුන්, තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. සත්තු සමග පොර බදන්න ඔවුන්ට නොහැකි නිසා...!
පිට රටගිහින් මුකුත් ඉගෙනගෙන නැතිව තාත්තලාගෙ මුදල් නාස්ති කරපු පුතලා විතරයි මෙහෙ ඉතුරු වෙන්නෙ.
නන්දසේන රටට කරපු විනාසයෙන් ගොඩ එන්ඩනම් චන්දයක් තියල අලුත් ආන්ඩුවක් එන්ඩම ඔනෙ
හීනමානයෙන් පෙළුණු තමන්ගේ ජනපති පියා උගතුන්ට අවමන් කරපු කාලේ දරාගන්න නොහැකිව රට හැරගිය උගතුන් ගැනත් සඳහන් කළා නම් හොඳයි නේද...?
කොහොමත් කාලා බීලා හිටපු එක නැති කෙරුවේ කොයි ඩීල් බුද්ධියෙන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්..
ඒ කාලේ උගතුන්ට ගලන්න දුන්නේ ලේ වලින්ම...!
සජිත් මහත්තයෝ... ලංකාව පෙන්නුවාට රටින් තරුණයින් අතිවිශාල පිරිසක් රට හැරයමින් සිටින බවත්, කවුරු මොන රටට ගියත් ඒ රටට ඇතුල්වීමට ලකුණු 70ක් ගත යුතුමයි..! චතුර ලෙස භාෂාව කතා කිරිමේ හැකියවට ලකුණු 10 යි.. අධ්‍යාපන සුදුසුකම (විශ්ව විද්‍යාලයකින් ලබා ගත් පළමු උපාධිය) ලකුණු 20 යි. තෝරාගත් රැකියාව භාෂාව ලියන්න, කියන්න දක්‍ෂකමට ලකුණු 20යි. ඉල්ලුම් කළ රැකියාව ලැබේ නම් ලකුණු 20යි. අනික නීති විරෝධි විදියට රටට ඇතුළු වුණොත් අවුරුදු තුනක් වැලිකඩ හිරගෙදර ගියා වගේ තමයි..!
අවුලක් නෑ. බයක් නෑ. ඔයා වගේ හැමදේම දන්න සුපිරි මොලයක් රටට තියෙද්දී බුද්ධි ගලනය කියන්නේ මොකක්ද?
වෙන මුකුත් අපනයනය කරන්න බැරි වෙලාවේ උගත්තු නිෂ්පාදනය කරලා රට පැටෙව්වාම නරකද?
බුද්ධි ගලනය වෙලා ගොඩක් කල්... මෙවැනි අය තමයි දැන් ඉතුරුවෙලා ඉන්නේ...
ඔන්න දන්නා තරම . ඒක අද ඊයෙ දෙයක් නොවෙයි . දශක ගණනක් තිස්සේ වෙන දෙයක් . කිව්වොත් මෝඩ ගොං කතාවක් .