IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


බිත්තරයක් රුපියල් 10කින් පහළට

(ධම්මිකා බාලසූරිය)

බිත්තර මිල රුපියල් දහයකින් පහත හෙලීමට පියවර ගත්බව සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් හසිත සංදීප මහතා පැවසීය.

පඬුවස්නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් හසිත සංදීප මහතා අද එලෙස පැවැසීය.

මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් රටතුල පවත්වාගෙන යන මාෆියාව නවත්වාලීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහතට දැමීමට මෙම සංගමය තීරණය කර තිබේ.

බිත්තර මිල ඉහලට දැමීමේ අරමුණ ඇතිව මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් කිහිප දෙනකු රටතුල නිෂ්පාදනය කෙරෙන බිත්තර මිලට ගෙන ඒවා වෙලදපොල වෙත නොයවා ගබඩා කර තබා ගනිමින් වයාජ ලෙස රටතුල බිත්තර හිඟයක් පවතින බව පෙන්වීමට උත්සාහ කරමින් සිටින බව හසිත සංදීප මහතා පැවැසීය.

මෙම මාෆියා තත්වය තුල සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයා කඩා වැටීම සිදුවන බව ඒ මහතා පැවසීය.

සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයා රැක ගැනීම අරමුණු කරගෙන බිත්තර මිල පහතට දැමීම සිදු කර ඇත.



අදහස් (8)

බිත්තරයක් රුපියල් 10කින් පහළට

මංබයියා Friday, 10 October 2025 01:34 PM

අපරාදේ. විස්සකින් විතර වැඩිකළා නම් අපිට කෑගහන්න තිබුණා.

:       4       19

de silva Friday, 10 October 2025 02:01 PM

ස්තුති සහෝදරයා හොඳ වැඩක්, බිත්තර මිල අඩු කරාම සේල් එක වැඩි වේවි... එහෙම වුණාම ඔයාලාට පාඩුවක් වෙන්නේ නැහැ. දැන් බිත්තර මිල වැඩි වෙනකොට එහා සමානව වැඩිවුණ බිත්තර යොදා නිෂ්පාදනය කරන අනෙක් අහර වර්ගවල මිලත් අඩු වෙන්න ඕනේ... රුපියල් 10 යනු විශාල මිල අඩුවීමක්...

:       1       38

de silva Friday, 10 October 2025 02:47 PM

හොඳ දෙයට ප්‍රසංස කරන්න , නිකන් අවකැපෙන කතා කියන්න එපා ,එහෙම කලහම තමා තරුණ ව්‍යාපාරිකයෝ දිරිමත් වෙන්නේ , ඔවුන් වෙළද පල ආර්ථිකය ගැන විශ්වාශය තබන්නේ , තරගකාරිත්වයක් ඇතිවන්නේ ,

:       1       25

මංකයියා Friday, 10 October 2025 03:42 PM

10ක් අඩුවුණාම දැන් බිත්තරයක් අපි කීයටද ගන්න ඕනෑ...?

:       2       9

Lalla Friday, 10 October 2025 03:49 PM

දැනට ගම්පහ ප්‍රදේශයේ බිත්තර මිල රු.28-36 අතර. මේ මිල අසාධාරණ නෑ කියලා හිතෙනවා. ඒත් හෝටල් බිත්තර රොටිය රු.125-150 පරාසයේ විකුණන බව පේනවා. මිල යම් තරමකට අසාධාරණ නොවේද? රු.100/= හෝ ආසන්න මට්ටමකට ගෙන යන්න බැරිද?

:       0       19

මහින්ද Friday, 10 October 2025 05:23 PM

පාරිභෝගිකයට පුලුවන් වෙලෙන්දාව හාන්සි කරවන්න. ලංකාවේ පාරිභෝගිකයන් තවම වෙලෙන්දගේ අල්ලේ නැටවෙනවා. සති තුනක් විතර බිත්තර නිෂ්පාදන වර්ජනය කලානම් නිකම්ම ඔවුන්ගේ ගණන් බහිනවා...

:       0       8

de silva Friday, 10 October 2025 06:50 PM

මහා පරිමාණ වෙළෙන්දන්ට දැන් ඉස්සර වගේ ලංකාවේ පාරිභෝගිකයා ගසා කන්න බැහැ... සමාජ මාධ්‍ය ජාල තිබෙන නිසා... මිනිස්සු මහා පරිමාණ බිත්තර කාරයින්ගේ මාෆියාව බිම දැම්මා. බිත්තර මිල අඩු වුණා. දැන් අපි ඊළගට ෂොට් එක දෙන්න ඕනේ අහවලාගේ කිරි සම්බා වලට, කීරි සම්බා පමණක් නොවේ... ලොකු මෝල් 3 ම සියලුම සහල් පුළුවන් තරම් වර්ජනය කළොත් සහල් මාෆියාව දන ගසන්න පුළුවන්..., සියල්ලෝම එකතු වෙමු, එහෙම කළොත් හෙලිකොප්ටරෙන් යන සහල් මෆියාකාරයින්ව බිමට බස්සන්න පුළුවන්...

:       0       9

sanath Friday, 10 October 2025 11:54 PM

සුපර් මාර්කට් වල සහ කඩවල පැකට් කරලා තිබෙන මහා මෝල් කාරයින්ගේ සහල් පැකට් බොහෝමයක නියම බර නැහැ. ගන්න ඉස්සර සුපර් මාර්කට් එකේ තරාදියකින් නිකන් කිරලා බලන්න , සමහර වෙලාවට කිලෝ 5 කට ග්‍රෑම් 100-150 අඩුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1612 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1390 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 493 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site