
(ධම්මිකා බාලසූරිය)
බිත්තර මිල රුපියල් දහයකින් පහත හෙලීමට පියවර ගත්බව සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් හසිත සංදීප මහතා පැවසීය.
පඬුවස්නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් හසිත සංදීප මහතා අද එලෙස පැවැසීය.
මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් රටතුල පවත්වාගෙන යන මාෆියාව නවත්වාලීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහතට දැමීමට මෙම සංගමය තීරණය කර තිබේ.
බිත්තර මිල ඉහලට දැමීමේ අරමුණ ඇතිව මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් කිහිප දෙනකු රටතුල නිෂ්පාදනය කෙරෙන බිත්තර මිලට ගෙන ඒවා වෙලදපොල වෙත නොයවා ගබඩා කර තබා ගනිමින් වයාජ ලෙස රටතුල බිත්තර හිඟයක් පවතින බව පෙන්වීමට උත්සාහ කරමින් සිටින බව හසිත සංදීප මහතා පැවැසීය.
මෙම මාෆියා තත්වය තුල සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයා කඩා වැටීම සිදුවන බව ඒ මහතා පැවසීය.
සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයා රැක ගැනීම අරමුණු කරගෙන බිත්තර මිල පහතට දැමීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ. විස්සකින් විතර වැඩිකළා නම් අපිට කෑගහන්න තිබුණා.
ස්තුති සහෝදරයා හොඳ වැඩක්, බිත්තර මිල අඩු කරාම සේල් එක වැඩි වේවි... එහෙම වුණාම ඔයාලාට පාඩුවක් වෙන්නේ නැහැ. දැන් බිත්තර මිල වැඩි වෙනකොට එහා සමානව වැඩිවුණ බිත්තර යොදා නිෂ්පාදනය කරන අනෙක් අහර වර්ගවල මිලත් අඩු වෙන්න ඕනේ... රුපියල් 10 යනු විශාල මිල අඩුවීමක්...
හොඳ දෙයට ප්‍රසංස කරන්න , නිකන් අවකැපෙන කතා කියන්න එපා ,එහෙම කලහම තමා තරුණ ව්‍යාපාරිකයෝ දිරිමත් වෙන්නේ , ඔවුන් වෙළද පල ආර්ථිකය ගැන විශ්වාශය තබන්නේ , තරගකාරිත්වයක් ඇතිවන්නේ ,
10ක් අඩුවුණාම දැන් බිත්තරයක් අපි කීයටද ගන්න ඕනෑ...?
දැනට ගම්පහ ප්‍රදේශයේ බිත්තර මිල රු.28-36 අතර. මේ මිල අසාධාරණ නෑ කියලා හිතෙනවා. ඒත් හෝටල් බිත්තර රොටිය රු.125-150 පරාසයේ විකුණන බව පේනවා. මිල යම් තරමකට අසාධාරණ නොවේද? රු.100/= හෝ ආසන්න මට්ටමකට ගෙන යන්න බැරිද?
පාරිභෝගිකයට පුලුවන් වෙලෙන්දාව හාන්සි කරවන්න. ලංකාවේ පාරිභෝගිකයන් තවම වෙලෙන්දගේ අල්ලේ නැටවෙනවා. සති තුනක් විතර බිත්තර නිෂ්පාදන වර්ජනය කලානම් නිකම්ම ඔවුන්ගේ ගණන් බහිනවා...
මහා පරිමාණ වෙළෙන්දන්ට දැන් ඉස්සර වගේ ලංකාවේ පාරිභෝගිකයා ගසා කන්න බැහැ... සමාජ මාධ්‍ය ජාල තිබෙන නිසා... මිනිස්සු මහා පරිමාණ බිත්තර කාරයින්ගේ මාෆියාව බිම දැම්මා. බිත්තර මිල අඩු වුණා. දැන් අපි ඊළගට ෂොට් එක දෙන්න ඕනේ අහවලාගේ කිරි සම්බා වලට, කීරි සම්බා පමණක් නොවේ... ලොකු මෝල් 3 ම සියලුම සහල් පුළුවන් තරම් වර්ජනය කළොත් සහල් මාෆියාව දන ගසන්න පුළුවන්..., සියල්ලෝම එකතු වෙමු, එහෙම කළොත් හෙලිකොප්ටරෙන් යන සහල් මෆියාකාරයින්ව බිමට බස්සන්න පුළුවන්...
සුපර් මාර්කට් වල සහ කඩවල පැකට් කරලා තිබෙන මහා මෝල් කාරයින්ගේ සහල් පැකට් බොහෝමයක නියම බර නැහැ. ගන්න ඉස්සර සුපර් මාර්කට් එකේ තරාදියකින් නිකන් කිරලා බලන්න , සමහර වෙලාවට කිලෝ 5 කට ග්‍රෑම් 100-150 අඩුයි