
(අංජුල මහික වීරරත්න)
බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ශ්‍රේණිය උසස් කරන ලද බණ්ඩාරවෙල රෝහල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න,ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ ජේ.එම්.කපිල ජයසේකර මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ රජය බලයට පත්ව ගතවූ මාස 8 ක පමණ කාලසීමාවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස රෝහල් වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබූ පළමු රෝහල බවට බණ්ඩාරවෙල මුලික රෝහල පත්වන බවයි.
ඉල්ලීම් කොපමණ ලැබුණත් ජාතික සැලසුමකට අනුව පමණක් එම කටයුතු සිදු වන බව අමාත්‍යවරයා කීය.
පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවීමේ දී තිබුණු ප්‍රධාන ගැටළුවක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිලි, රෝහල් වර්ගීකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක තිබුණු අවිධිමත්භාවය පෙන්වා දිය හැකි බව ද පැවසූ අමාත්‍යවරයා රෝහල් වර්ගීකරණය යනු විද්‍යාත්මක ක්‍රමවේදයක් බවත්, දේශපාලන අවශ්‍යතාවය මතම මුලික රෝහල් බවට පත් කළ රෝහල් මෙරට පවතින බව ද පැවසී ය.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් කරයි