IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බණ්ඩාරගම නිවෙසක් කෙල්ල කයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම ගැලනිගම, බටකැටිය ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු හයදෙනකු  නිවැසි යුවළ ද බැඳ දමා හාල්, සීනි , බිස්කට්, විදුලි උපකරණ හා රන් භාණ්ඩ ඇතුළු දේපල රැසක් කොල්ලකා පලාගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

පානදුර මහවිල රෑ කඩේ ප්‍රදේශයේදී කුලී ගමනක් යන මුවාවෙන් තීරෝද  රථයකට ගොඩ වැදුණු හය දෙනා  ගැලනිගම  අතුරු මාර්ගයක් පෙන්වා ගමන් කරන ලෙස තිරෝද රථ රියදුරුට පවසා තිබූ අතර රියදුරු එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම ගෙලට උල් පිහියක් එල්ල කර මරණීය තර්ජනය කර තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව එම පිරිස රියදුරු ඉදිකරමින් පවතින නිවසකට රැගෙන ගොස් එහි තිබූ ඇදකට තබා රියදුරු බැද දමා තිරෝද රථය කොල්ල කා ඇත.

අනතුරුව ඔවුන් ඒ ආසන්න නිවසකට කඩා වැදී  නිවෙස් හිමියාට පහරදී ඔහු සහ බිරිද ගේ අතපය බැඳ ඔවුන් පැළඳ සිටි රන් ආභරණ සහ නිවසේ තිබූ දේපළ කොල්ල කා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කොල්ලකරුවන් නිවසේ සිටි කුඩා දරුවකු පැළඳ සිටි රන් ආභරණද ගලවා ගෙන ඇතැයි පැවසේ.

කොල්ලකරුවන් නිවසේ තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක්, දුරකථන දෙකක් , පවුම් 10 කට අධික රන් භාණ්ඩ තොගයක් මුදල් , සීනි පරිප්පු බිස්කට් හාල් ඇතුළු දේපොළ රැසක් කොල්ල කා ගොස් තිබු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

නිවෙස් හිමියා මීට දින කීපයකට ඉහතදී විදේශගතව පැමිණි පුද්ගලයෙක් බවත් පොලිස් නිලධාරියකු පැවසීය.

 



අදහස් (0)

බණ්ඩාරගම නිවෙසක් කෙල්ල කයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site