
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන රඹකැන්ඔය කලාපයේ හඳුනාගත් රක්ෂිතයන්ට අයත් නොවන, ඌන භාවිතයේ පවතින, අක්කර 2,750ක් බඩඉරිඟු වගාකිරීම සඳහා ආයෝජකයන්ට බදු පදනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
බඩඉරිඟු මහාපරිමාණ වශයෙන් වගාකිරීම සඳහා දේශීය කෘෂි ආයෝජකයන් දිරිගැන්වීමේ අරමුණින් මෙම පියවර ගැනීමට නියමිතය.
බඩ ඉරිඟු ආනයනය අත්හිටුවා ඇති බැවින්, ත්‍රිපෝෂ හා සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු මෙට්‍රික් ටොන් 250,000ක් පමණ දේශීයව වගාකිරීමට පියවර ගතයුතු බව මෙහිදී අවධානයට යොමුව තිබේ.
ඒ අනුව, හඳුනාගත් දේශීය ආයෝජකයන් වෙත එක් වසරක කාලයක් සඳහා බදු පදනම යටතේ ඉඩම් කොටස් වෙන්කර දීමටත්, වගාවේ සාර්ථකත්වය මත ඉදිරියේදී රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන පරිදි දිගුකාලීන පදනම මත ආයෝජකයන්ට ඉඩම් කොටස් ලබාදීමටත් වාර්මාර්ග අමාත්‍යවරයා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳුනාගත් ආයෝජකයින් කියන්නේ ආණ්ඩුවේ බත් බැලයින්.... කුඩු විකුණලා හම්බකරගත්ත කළු සල්ලි දැන් ආයෝජනය කරනවා. ඊළඟ ඡන්දෙදි සිල්රෙදි, වැසිකිළි පෝච්චි, ටකරන් ආදී අල්ලස් බයියන්ට බෙදන්න සල්ලි දෙන්නේ මේ කියන අය තමයි..
ලංකාව ඇතුලේ ආයෝජකයන් කියන්නේ සල්ලිකාර හොරු කියලා කී සැරයක් පාඩම් ඉගෙන ගන්නද? සංස්ථා පුද්ගලීකරණයෙන් පටන්ගෙන අද දක්වා රට කොල්ලකෑවේ මේ විදියට බව දේශපාලකයින්ට මතක නැද්ද? ් සීමිත බදු කොන්දේසි, හා විවෘත ප්‍රතිපත්ති මත පමණක් වෙන්දේසි ක්‍රමයක් මත මෙය සිදුකරන්න..