
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විශාල ප්ලාස්ටික් බටයකට කේරල ගංජා දමා දෙපැත්ත වසා රහසිගතව වළදැමූ පුද්ගලයකු හිරණ පින්වල සුසාන භූමිය ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි.
එම සැකකරු සමඟ රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා කේරල ගංජා කිලෝ එකයි ග්‍රෑම් තිහක් පොලිස් භාරයට ගෙන ඇත
හිරණ පොලිසියට ලද තොරතුරක් අනුව දින කීපයක් තිස්සේ සැකකරු සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී නිවස පිටුපස වළදමා තිබූ මෙම ගංජා තොගය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව සැකකරුගේ මගපෙන්වීම මත මෙම ගංජා තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
විසි තුන් හැවිරිදි සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd