IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


බෝට්ටුවක් පෙරැළි ධීවරයෙක් මරුට

(සිතුම් චතුරංග)

යාපනය,මාදගල් වෙරළට ආසන්න මුහුදේ ධීවර බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින්  අද (11)  ධීවරයෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි යාපනය ඉලවාලෙයි පොලිසිය පවසයි.

එලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය , මාදගල්, කුසුමාන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි එඩ්වඩ් මරියසීලන් නමැති 31 හැවිරිදි ධීවරයෙකු බව පොලිසිය සඳහන් කරති.

බෝට්ටුව පෙරළීමෙන් පසු මියගිය පුද්ගලයාගේ සිරුර මුහුදේ පාවෙමින් තිබියදී තවත් ධීවරයින් පිරිසක් වෙත හමුවී ඇති අතර පසුව ඔවුන් අනතුරටපත් ධීවර බෝට්ටුවද රැගෙන ගොඩබිමට පැමිණ ඇති බවද පොලිසිය පැවසූහ.

ධීවරයින් පවසා සිටියේ මියගිය ධීවරයාගේ බෝට්ටුව වෙනත් විශාල යාත්‍රාවක ගැටීමෙන් බෝට්ටුව පෙරළි අනතුර සිදුවන්නට ඇති බවට සැකපලකරන බවයි.

සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුර යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙනයාමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

 

 



අදහස් (0)

බෝට්ටුවක් පෙරැළි ධීවරයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site