(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අගමැති බංගලාදේශයට ගොස් ඩොලර් ණයක් ඉල්ලා තිබෙන බව කෑගල්ල මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"බංගලාදේශයෙනුත් ණය ඉල්ලන තරමට අප වැටිලද?මේ තත්ත්වය යටතේ ආයෝජකයන් අප රට ගැන හිතන්නේ මොනවාද? අතීතයේ දී අප බංග්ලාදේශයෙන් ලංකාවට ගෙන්නුවේ ගෝනි නූල් පමණයි.
මේ තත්ත්වය යටතේ ලාංකික ජනතාවට ඒ ගෝනි නූල් වලින් බෙල්ලෙ වැල දාගන්නට සිදුවී තිබෙනවා. ඉදිරියේදී අපේ අගමැති නේපාලය ඇෆ්ගනිස්ථානය වැනි රටවලට ගියොත් ඒ නායකයන් හැංගේවි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, ඇයි ඔබතුමා ඒක දන්නේ නැද්ද..?
ඔව්.. ඒ තරම් පහතට වැටිලා තමයි. තව ටික දවසකින් ඉතියෝපියාවෙනුත් ඉල්ලන්න ඉන්නේ... ඒකට ඔයාලත් 50%ක් වගකියන්න ඕනෑ කියලා දන්නවද?
රට කාලා විනාශ කරලා දැන් කෑ ගහනවා අපි වැටිලා කියලා.. මහ බැංකුව කඩලා එතන මහ විනාශයක් කළා, පාස්කු ප්‍රහාරය කරලා එතනින් සංචාරක කර්මාන්තයයි, ආර්ථිකයයි විනාශ කරලාම දැම්මා... දැන් කිසිම ලැජ්ජාවක් නැතුව උපදෙස් දෙන්නත් එනවා.
එයාලා අවුරුද්දයිනේ හිටියේ. අවුරුද්දෙන් රට බංකොළොත් වුණේ නැහැනේ... ඔයාලාටත් රෙදි නැතිව එල්ලෙන්න තමයි වෙන්නේ...
අපේ රටට ගෝනි නූල් එවමින් පමණක් නොසිට ඔවුන් යම් දියුණුවක් ලබා ඇත. ඉතාම අඩු කම්කරු වැටුප් නිසා ආයෝජනයන් වඩවඩාත් බංග්ලාදේශයට පැමිණ ආයෝජනය කළහ. ලැකාවේ ආයෝජනයන් ද ඒ අතර ය. කම්කරු වැටුප සොච්චමක් වූවත්, ආයෝජකයන්ට එය බලපෑවේ නැත. සේවක අයිතිවාසිකම් ගැන ඔවුන් එතරම් තකන්නේ නැත. රතු කල්ලිය මෙහෙය වූ වැඩ වර්ජන නිසාත් බොහෝ ආයෝජකයින් අපව හැර ගියහ. බංග්ලාදේශය යනු ලොව දෙවැනියට ඇඟලුම් අපනයනය කරන රටකි...
ඕගොල්ලොත් ඒ දේමයි නේද කලෙත්. දෙගොල්ලම එකයි.
මෙතුමා කියන එක ඇත්ත වුණොත් බයියන්ට නම් තේරෙන එකක් නැහැ.
වැටිලා තමයි. උදාහරණයක් කියනවා නම් බංග්ලාදේසේ අයි.ටී. ෆීල්ඩ් එකට අවුරුද්දකට අලුතෙන් 65,000ක් එනවා. ලංකාවේ 11,000. දැන් ඔවුන් අපි වගේ පස් ගුණයක් විතර ආදායම් ගන්නවා අයි.ටී. වලින්ම. යහපාලනේ තිබ්බ කාලේ පුද්ගලික අංශෙ අධ්‍යාපනය බාර ගනී කියලා බකන් නිලාගෙන හිටියා. යහපාලනේ එන්න කලින්ම ප්ලෑන් කරලා තිබ්බ තාක්ෂණ උපාධි, එන්.එස්.බී.එම් ඇරුණාම ආණ්ඩුවෙන් වෙන එකක්වත් අලුතෙන් පටන් ගත්තේ නැහැ..
බංගලාදේශය, නේපාලය දියුණුවෙන්නේ ඔවුන්ගේ සංස්කෘතිය අනන්‍යතාව නැතිකරගෙන. සිංගප්පූරුව වගේ. අපි දියුණු වුණේ නැතත් අපේ හෙළ සංස්කෘතික අනන්‍යතාවව තවදුරටත් රැකගෙන තියෙනවා. නොකා මැරුණත් අපි හිපියො වෙලා නෑ මහත්තයෝ. කැපුවත් හෙළ. සල්ලි තිබුණාට නිවන් යන්න බෑ. අපි ජීවත් වෙන්න ඕන අනිත්‍යතාව ස්පර්ශ කරන්න පුළුවන් අත මායිමේ.
මම නම් හිතුවේ අගමැතිතුමා එහෙ ගියේ... කොමිසමට ඡන්දෙ ලබාගන්න.. එහෙ ලොක්කිට පගාවක් ගහන්න කියලයි..!!!
බංග්ලාදේශය දකුණු ආසියාවේ ඉතාමත් සංවර්ධිත රට බවට පත් වන්නේ තම දුර්වලතා හඳුනාගෙන ප්‍රතිපත්තිමය තීරණ දේශපාලන වාසි මත වෙනස් නොකරන නිසායි...
ඇයි තමුන් මේ රටට ආවේ අදද? තමුන්ලා ආණ්ඩු කරපු කාලේ රට දියුණු කළා නම් අද මොකටද ණය ගන්නේ? ජාතිවාදය පතුරුවන්නේ කාටත් නොදැනී. මාවනැල්ලට මොකද කලේ?
යහපාලන ආණ්ඩුව කරගත්ත මෝඩ වැඩේ රජයේ සේවකයින්ට අනවශ්‍ය විදියට වැටුප් වැඩි කිරීමයි. එම වැටුප් වැඩි කිරීම සඳහා අනිකුත් සියලුම වැඩ කරන ජනතාවට දරාගත නොහැකි විදියට බදු ගහන්න සිදු වුණා. පහු ගිය අවුරුදු 4 1/2 ට අනිකුත් සේවකයින්ට සහ ගොවියාට කරපු දෙයක් මට නම් පෙනුනේ නැත. ඒ වගේම වැඩි පඩි නිසා ආයෝජකයන් බංග්ලාදේශය වගේ අඩු පඩි ගෙවන රටවල් හොයාගෙන ගියා. ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැමදේමත් පිටරටින් ආනයනය කලා. සරුංගලය පවා... පොල් පිට රටින් ගෙනැල්ලා පොල් මිල රු 18ට බස්සලා පොල් වගාකරුවන්ට පෝර දමා ගන්නවත් බැරි කරපුවෑ විපාක තමයි දැන් පොල් හිඟයට හේතුවත්...
2015 සිට 2020 දක්වා රටට අබමල් රේණුවක් දෙයක් නොකර අසාමාන්‍ය ලෙස වැටුප් දීමනා වැඩිකරගෙන රට තවත් ට්‍රිලියන 7කින් ණය කරපු ඔහෙලා අහනවා ‘‘බංග්ලාදේශයෙනුත් ණය ඉල්ලන තරමට අප වැටිලාද‘‘ කියලා... 6.50% ක් තිබුණු ආර්ථික වර්ධනය 1.5 %ට බැස්සුවේ ඔහෙලගේ ආර්ථික ඔස්තාර්ලා නේද? කොහෙවත් ඉන්න හම්බ රැලකගේ ආර්ථිකය ශක්තිමත් කලේ ඔහෙලා නේද?
ගම්මිරිස් හොයාගෙන ආව ඔහෙලගේ කට්ටියට නේද රටේ වැදගත් අමාත්‍යාංශ 42 දීලා රට කෑවේ. අපේ ගම්මිරිස් ප්‍රතිඅපනයනය කරන්න දීලා ඒ කර්මාන්තයත් විනාශ කලේ... ඔහේලාගේම ඒ කාලේ බැටළුවන් බලපු ඔහෙලා නේද?