(ටී.කේ.ජී.කපිල )
ඕස්ට්‍රේලියාවේ සිටි බංගලාදේශ ජාතිකයන් 165 දෙනෙකු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් බංග්ලාදේශය වෙත යැවීම සදහා අද (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන එම විශේෂ ගුවන් යානය අද රාත්‍රී 8.05 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර සිට බංග්ලාදේශයේ ඩකා නුවර වෙත ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගයක් නොමැති බැවින් මෙසේ එම ගුවන් මගීන් ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ පසුව යළිත් බංග්ලාදේශයේ ඩකා වෙත රැගෙන යෑම සිදු කෙරේ.
මෙම ගුවන් යානයෙන් පැමිණි බංගලාදේශ ජාතික ගුවන් මගීන් පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු සියල්ල කටුනායක ගුවන් තොටුපළේ දී විශබීජ හරණය කිරීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලක් කෙරුණි.
ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළේ සිට බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරන විශේෂ ගුවන් යානය වෙත 165 දෙනෙකුගෙන් සමන්විත මෙම මගීන් පිරිස ඇතුළු කරනු ලැබීය.
ඊට අමතරව මෙම වසංගත රෝග තත්වය නිසා බංග්ලාදේශය වෙත යෑමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ රැදී සිටි තවත් බංගලාදේශ ජාතිකයන් 11 දෙනෙකු ද , මෙම ගුවන් යානය තුළට ඇතුළු කරනු ලැබීය .
ඒ අනුව බංගලාදේශ ජාතිකයන් 176 දෙනෙකු රැගෙන මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය අද රාත්‍රී 10.05 ට කටුනායක ගුවන් තොටුපළෙන් , බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව ගියේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හූලේ ගේ දුවත් මේකෙම දාල බංගලිදේශයට යැව්ව නම් නේද හොඳ? මොකද එයා සැමන් පැක් කරලවගේ යනකොට කැමතියි වගේ.
මොකක්ද මේ රට කරන්න යන්නේ? මේ රටේ ඉන්න මිනිස්සු ගැන හිතන්න. ඉන්නකෝ ජන්දයක් එනකල්....