IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බිග් මැච් එක අස්සේ අනතුරකින් සිසුන් දෙදෙනෙක් මරුට

(ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ)

බදුල්ල  ඌව මහ විදුහල සහ ධර්මදුත මහ විදුහල අතර පැවති ක්‍රිකට් තරගය අතර පැවති වාහන පෙලපාලියක කැබ් රථයක් පෙරලීමෙන් එහි ගමන් කළ සිසුන් දෙදෙනකු මියගොස් තවත් හත් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය කියයි

තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.

ක්‍රිකට් තරගය පවතින අතරතුර ක්‍රීඩාංගනය වටා රථ පෙළපාලිය ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.

බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වති.

 



අදහස් (10)

බිග් මැච් එක අස්සේ අනතුරකින් සිසුන් දෙදෙනෙක් මරුට

Ruhunu Saturday, 01 April 2023 01:31 PM

මේවා විහින් කරගන්න දේවල් නිසා දුක්වෙන්න දෙයක් නෑ.

:       1       22

Sunil Saturday, 01 April 2023 03:38 PM

විනයක් නැති වුණාට හොඳ පාඩම්

:       1       24

පිටිගල මිලානෝ Saturday, 01 April 2023 03:50 PM

‍ෙමේ දුෂ්කර කාලයේ පිටරටවල වසන බොහෝ අය ලංකාවේ පාසල්වලට හැකි පමණින් පාසල් ලිපිද්‍රව්‍ය කොම්පියුටර් වැනි දේ සහ මූල්‍ය ආධාර ලබාදීමට සද්භාවයෙන් පෙළ ගැසේ. මෙවන් නිස්සාර වැඩ කරන කාලකන්නින්ගෙන් පිරුනු පාසල්වලට කිසිවෙක් ආධාර නොකල යුතු වන අතර මෙවන් සමාජ සහ පරිසර විරෝධී ක්‍රියා වලට අනුබල දෙන විදුහල්පතිවරුන් පන්නාදැමිය යුතුය. මෙවන් හරසුන් ක්‍රියා වලට තම ධනය, ශ්‍රමය සහ කාලය වැයකරන ලමයි වැඩිහිටියන් වූ පසු රටක ජීවත් වන ක්‍රමය සිතාගන්න පුළුවන් නේද?

:       2       31

sugathSaturday, 01 April 2023 10:58 PM

සම්පූර්ණ ඇත්ත. ලංකාවේ මිනිසුන්ට ඔය කියන තරම් අහේනියක් නැහැ.

:       0       2

Jcn Saturday, 01 April 2023 05:04 PM

බදුල්ලෙ කොටකලිසං ඇඳන් වැඩ කරන පාලිත දොස්තර මහත්තයා මොකෝ පේන්න නැත්තෙ.

:       9       10

කාළකණ්නියෝ Saturday, 01 April 2023 08:37 PM

මෙයින් එක් ළමයෙක් තමන්ගේ පියා සමග ටියුෂන් පංතියට ගියා කියලා කියැවෙනවා... පියා ගියාම පන්ති කට්කර දෙමාපියන් රවටා තමයි මැරෙන්න ගිහිල්ලා තියෙනවා කියලා කියැවෙනවා.

:       0       0

කුමාර Saturday, 01 April 2023 09:26 PM

රට හරක් නැතිවුණාට කමක් නැහැ. අහිංසක දෙමාපියන් පව්.

:       0       1

kapila Saturday, 01 April 2023 09:37 PM

මේ රට නැති වුනේ ඔය පුහු වැඩ නිසයි.

:       0       3

Nihal Saturday, 01 April 2023 10:45 PM

පොඩි දරුවෝ, බෝල ගැහිල්ලේ උමතුවක්...!

:       0       1

බක්මීගොල්ල Sunday, 02 April 2023 02:14 PM

මේවගේ අනතුරුදායක විදියට ළමයි වාහනවල යනකොට ඔය විදුහල්වල ගුරුවරු, විදුහල්පතිලා මොකද කෙරුවේ..? මුලින් ළමයින්ට අවවාද දීලා ඉන්න ඕනේ, බිග් මැච් කාලෙට සාමාන්‍ය මිනිස්සුන්ට පාරේ යන්න බැරිතරම්.. පාර බදුඅරන්. දෙමව්පියන් පව්. විනයක් නැති විදුහල්, විදුහල්පති, ගුරුවරු මේවාට වග කියන්න ඕනේ. ළමයි පාසලට ආවට පස්සේ ළමයි රැකගැනීම අදාල අයගේ වගකීමක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site