
( නිශාන්ත කුමාර සහ ඩී. කේ රත්න )
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක විද්‍යා පරීක්‍ෂණයක් සඳහා බීකරයක් රත් කරමින් සිටියදී එය පුපුරා යෑම හේතුවෙන් තුවාල ලැබූ එම විද්‍යාලයේ ගුරුවරියක් හා අවුරුදු දහසයක සිසුවියන් දෙදෙනෙකු අද (23) දියතලාව මූලික රෝහලට හා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක එකොළොස් වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16 ක පාසල් සිසුවියන් දෙදෙනෙකු හා අවුරුදු 48 ක් වයසැති ගුරුවරියකි.
11 ශ්‍රේණියේ අධ්‍යාපනය අධ්‍යාපනය ලබන දරුවන්ගේ විද්‍යා පාඩමක් සඳහා අවශ්‍යය පරීක්ෂණයක් කරමින් සිටියදී ඒ සඳහා යොදාගෙන තිබූ කොන්ඩිස් සහිත සහිත බීකරයක් පුරා යෑමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව මූලික පරීක්සණ වලදී අනාවරණය වි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd