(කේ. බුද්ධික කුමාරසිරි)

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරයෙකුගේ නිවසක් බිඳ වෙද නලාව ඇතුලු භාණ්ඩ තොගයක් සොරා ගත් අංගොඩ රෝසි ගේ තුන් දෙනාගේ කල්ලිය මත්ද්‍රව්‍ය සමගින් අත් අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් විෂ මත්ද්‍රව්‍ය  පනත යටතේ රදවා ගෙන ප්‍රශ්න කිරීමේදී යතුරුපැදි හතරක් සොරා ගෙන විකිණීම පිලිබදව කරුණු අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

දැඩි ලෙස අයිස්  පානයට ඇබ්බැහි වී සිටින 27 හැවිරිදි  කාන්තාවක වන අංගොඩ රෝසී නැමැත්තිය විසින් මෙම කල්ලිය මෙහෙයවා ඇති බවටද කරුණු අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

එක් සැකකරුවෙකු ඉකුත් 16 වෙනි දින අයිස් මත්ද්‍රව්‍ය  සමගින් මුල්ලේරියාව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්න කිරීමේදී අංගොඩ රෝසි ඇතුලු කල්ලිය පිලිබදව කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

මෙම සැකකරුවන් එක්ව නවගමුව , කඩුවෙල සහ අංගොඩ පොලිස් වසම් තුලදී යතුරුපැදි හතරක් සොරකම් කර ඇකි අතර ඉන් යතුරුපැදි දෙකක් අංගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක සගවා තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.