
(ක.ග.කරුණාරත්න)
බකමුණේ ලූනු ගොවීහූ තම අස්වැන්න වෙනුවෙන් සාධාරණ මිලක් ලබා දෙන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
තම ලොකු ලූණු අස්වැන්න පෞද්ගලික වෙළෙඳුන්ට කුණු කොල්ලයට මිලදී ගැනීමට ඉඩ නොතබා නිසි සාධාරණ මිලකට අලෙවි කිරීමට හැකි වැඩ පිළිවෙළක් නොපමාව සළසා දෙන ලෙස ඇලහැර,බකමූණ ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.
ලොකුළුෑණු මිල විශාල වශයෙන් පහල බැස තිබෙන බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යනු ලබන ලොකු ලූනු කිලෝවකට ලැබෙන ඉහළම මිල රුපියල් 120-130 ක් බවද ඔවුහු පවසති.
මේ දිනවල ගොවි බිම්වලට පැමිණෙන ගැණුම් කරුවන් මිලදී ගනු ලබන්නේ කුණු කොල්ලයට බව ද ගොවීහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඉන්න ගොවින්ට සියලුම සහනාධාර දීලා අස්වැන්නත් විකුනල දීලා තවත් මොනවහරි කරලා දෙන්න ඕනේද ? මෙහෙමත් යැපුම් මානසිකත්වයක් !
ඇත්ත තමයි යොගා. මේගොල්ලන් ඉල්ලන්නේ කුණු වෙච්ච ලූනු වලටත් හොඳ ලූනු වලටත් එක හා සමාන මිලක්නේ. එහෙම බැහැනේ
මේක මාර ගොවිකමක්... ළූණු කිලෝ 50 හදලා අවුරුද්දක් කන්න ලාභ හොයනවා. 120/130 කියන්න සිංගප්පූරුවේ සුපර් මාකට්වල මිල ගොවියා ඉල්ලන කිලෝ 1 රුපියල් 500ද?
ලංකා ලොකුළූණු නිකම්ම කුණුවෙනවා. දවස් දහයක් තියෙන්නේ නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ ගැන සොයා නොබලන්නේ ඇයි?
රුපියල් 120-130 කියන්නේ ලොකු ළුණු වලට ඉතාම හොඳ මිලක්. මෙයාල රු 200-300 බලාපොරොත්තු වෙනවා වගෙයි.. එතකොට පාරිභෝගිකයන් රු 500ටද ළූණු ගන්න ඕනේ?... අනික ඔය බාගෙට ලොකු වෙච්චි ළූණු වලට හොඳ මිලක් කොහොමත් ගන්න බෑ. ළූණුවලට හොඳ මිලක් ගන්න නම් බල්බය හොඳට මෝරලා පොත්ත ගැලවෙන ගාණට වේලලා තියෙන්න ඕනෑ.. මේ අමු ළූණු වැඩි දවසක් තියාගන්න බෑ .. ඕවා කුණු වෙනවා.. ඉතින් කොහොමද හොඳ මිලක් දෙන්නේ? ලංකාවේ ගොවියන් දැනගන්න ඕනෑ ප්‍රමිතියෙන් යුතුව තමන්ගේ නිෂ්පාදන වෙළඳපළට ඉදිරිපත් කරන්න.. මොකක් හරි හදලා ඒකට මිලක් හොයන එක සාධාරණයි..
යෝගා ඔබතුමාගේ ලංකාවේ නෙවෙයිද ජීවත් වන්නේ? ආණ්ඩුවෙන් මොනවද කරලා තියෙන්නේ ගොවීන්ට? කෘෂිකර්මය නගාසිටුවන්න ආපු නන්දසේන ගැසට් ගහනවා, රිවර්ස් කරනවා.