
(රෝෂන් තුෂාර)
විෂ මත්ද්‍රව්‍ය පනත සහ සිය පවුලේ ඥාතීන් සමඟ රුපියල් මිලියන 147 බැංකු ගිණුම් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මුදල් විසුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන්ගේ බිරිඳ වන සාජිකා ලක්ෂානි සැකකාරිය ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (31)නියෝග කළේය .
විෂ මත්ද්‍රව්‍ය පනතේ 54 (1 ) වගන්තිය යටතේ සැකකාරිය රිමාන්ඩ් භාරයට පත්කිරීමට තරම් කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(2) වගන්තිය ප්‍රකාරව මෙම සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත්වී නොමැති බවට තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා ඇප පනතේ විධාන ප්‍රකාරව ඇප නියම කරන බව දන්වා සිටියේය.
රුපියල් 50000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 බැගින් ඔහු ශරීර ඇප තුනක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළේය. විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම ආගමන විගමන පාලකවරයාට යොමු කිරීමට ද නියෝග කළේය.සැකකාරියට සෑම ඉරුදිනකම රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළේය.
සැකකාරියගේ බැංකු ගිණුම් වල කෝටි ගණනින් මුදල් සංසරණය වී ඇති බැවින් ,සැමියා සමඟ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා රහස් පොලිසිය සිදු කරන විමර්ශන අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකාර සාජිකා ලක්ෂානි සිය දරුවා සමඟ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඉන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියෝගය අධිකරණයට ඉදිරිපත් කළේය.
රහස් පොලිසිය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.
සැකකාරිය වෙනුවෙන් නීතීඥ ලක්මාල් රත්නායක මහතා පෙනී සිටියේය.
දැඩි කොන්දේසි මත සැකකාරියට ඇප නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ජනවාරි 22 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර මේ ගෑනි පැනලා ගියොත් අපි ගිහින් මහේස්ත්‍රාත්ව හිරේ දාන්න ඕනේ... කන්ජි පානිට ඇප දුන්නු කෙනාවත් හිරේ දාන්න ඕනේ...
සුදු තොප්පි කාරයෝ බැකෝ සමනුයි, පද්මෙයි නිදොස් කොට නිදහස් කරලා ඔලුගල හිරේ දාන එක දැන් ෂුවර්...!! කළු කපුටෝයි සුදු තොප්පි කාරයෝයි... මේ රටට කරපු විනාශේ ප්‍රභාකරන් වත් කරේ නැහැ.
කන්ජිපානි එළියට දැම්මා වගේම සීන් එකක් වේගෙන යනවා. අරෙහේ ජනාධිපති රැස්වීම් තියනවා... කුඩු කාරයෝ අල්ලන්න ඕනේ.., කුඩු බෙදන එක නවත්වන්න ඕනේ කියලා මෙහෙ මේ කාලකන්නි.., පාතාල කප්පිත්තෝ නිදහස් කරලා ගෙදර යවනවා..