(සුජිත් හේවාජුලිගේ)

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහාද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඒ අනුව, පෞද්ගලික අංශයේ සේවකයන්ටද ඔක්තෝබර් මාසය වන විට කිසිදු ගැටලුවකින් තොරව මෙම අන්තර්ජාල දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පහසුකම ලබා ගැනීමට හැකි වනු ඇත.

රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා අන්තර්ජාලය ඔස්සේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම පසුගිය මාසයේදී හඳුන්වා දෙන ලදී.

මේ අතර, දිවයින පුරා රියදුරන්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා නව නීති සහ රෙගුලාසි කිහිපයක් හඳුන්වා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පුද්ගලික අංශයේ දුම්රිය සීසන් ටිකට්ටුවත් ඔන්ලයින් ක්‍රමයට (සුජිත් හේවාජුලිගේ) පෞද්ගලික අංශයේ සේවකයින් සඳහාද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඒ අනුව, පෞද්ගලික අංශයේ සේවකයන්ටද ඔක්තෝබර් මාසය වන විට කිසිදු ගැටලුවකින් තොරව මෙම අන්තර්ජාල දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පහසුකම ලබා ගැනීමට හැකි වනු ඇත. රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා අන්තර්ජාලය ඔස්සේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම පසුගිය මාසයේදී හඳුන්වා දෙන ලදී. මේ අතර, දිවයින පුරා රියදුරන්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා නව නීති සහ රෙගුලාසි කිහිපයක් හඳුන්වා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.