මධ්‍යම,ඌව, නැගෙනහිර සහ උතුරු - මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. 

උතුරු පළාතෙත් වැසි වාර කීපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 වැඩි තරමක වැසි ඇති වේ.