
ඇමෙරිකන් බලශක්ති ලේකම් (ඇමති) ක්‍රිස් රයිට්, නිල සංචාරයක් සඳහා වෙනිසියුලාවේ කැරැකස් අගනුවරට පැමිණියේය. කැරැකස් අගනුවරදී ක්‍රිස් රයිට් සහ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන ඩෙල්සි රොඩ්රීගස් අතරේ හමුවක් පැවැත්විණි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා අත්අඩංගුයට ගෙන ඇමෙරිකාවට කුදලාගෙන ඒමෙන් පසු, නියෝජ්‍ය ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටි ඩෙල්සි රොඩ්රීගස් එරට අන්තර්වාර ජනාධිපති ලෙස ධුරය බාර ගත්තාය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වෙනිසියුලාවට පැමිණ වෙනිසියුලා අන්තර්වාර ජනාධිපතිය හමුවුණු පළමු අවස්ථාව මෙයයි.
ට්‍රම්ප් සෘජුව පවසා ඇත්තේ වෙනිසියුලා ජනාධිපති මදුරෝ ධුරයෙන් ඉවත් නිරීමෙන් පසු එරට තෙල් සම්පත ඇමෙරිකාව විසින් නිසි ලෙස කළමනාකරණය කරනු ඇති බවත්, එම තෙල් විකිණීමෙන් ලැබෙන මුදල් වෙනිසියුලා වැසියන්ගේ යහපතට යොදවන බවත්ය. ක්‍රිස් රයිට්, වෙනිසියුලාවේ සංචාරයක නියැලෙන්නේ එම තෙල් ගනුදෙනු කුමක ආකාරයකින් සිදු කළ යුතුදැයි යන්න තීරණය කිරීමටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd