
(අංජුල මහික වීරරත්න)
මේ රණවිරුවන්ට මල් කළඹක් තියන්නත් අවසර ඕනෑ යුගයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී මුහුණ දුන් අත්දැකීමක් සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විමල් වීරවංශ මහතා මෙසේද කියයි.
17 වැනි විජයග්රහණ සැමරුම වෙනුවෙන් අද (18) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී අප මුහුණ දුන් අත්දැකීමයි මේ.
මේ මව්බිම ත්‍රස්තවාදයෙන් මුදාගැනීම වෙනුවෙන් ජීවිත පූජා කළ අපේ වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට කල පූර්ව ලිඛිත දැනුම්දීමක් අප සතුව තිබුණි. එහෙත්, ස්මාරකය අසලට යාමට නොදී පොලීසිය විසින් අපට දිගින් දිගටම බාධා කළේ කුමන පදනමකින්ද?
රට වෙනුවෙන් ලේ, මස්, ජීවිත පූජා කළ වීරයන් සැමරීමට දේශප්‍රේමී ජනතාවට ඇති අයිතිය අවහිර කරන්නේ කාගේ වුවමනාවටදැයි අප එහි සිටි පොලිස් නිලධාරීන්ගෙන් සෘජුවම ප්‍රශ්න කළද, ඔවුන්ට ඒ සඳහා දීමට පිළිතුරක් තිබුණේ නැත!
නීතිය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරමින්, රණවිරු උපහාරයට බාධා කිරීම පිටුපස ඇති සැබෑ දේශපාලන හස්තය කුමක්ද?
කෙතරම් බාධා පැමිණියද, මේ පොළොව බේරාගත් වීරයන් වෙනුවෙන් කළ යුතු ගෞරවය දැක්වීමෙන්, අපව වැළැක්වීමට කිසිවෙකුට නොහැකිය!
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් තියන්ඩ ඕන රණවිරුවන්ව හිරේ දාපු වෙලේ කොහෙද සුදෝ හිටියේ ඔයා.
තාම රණවිරුවන්ව විකුණලා ඉවර නෑ. තව කීයක් හරි හම්බකරගන්න ඕනනේ.
ඒකට ක්‍රමයක් තියෙනවා, ඔය වගේ බූරැ වැඩ කරලා අපහාස කරන්නෙ නැතුව. රණවිරැවන්ටවත් නැති පස්සපැත්තෙ අමාරැවක්නෙ මේ කොහෙද යන හාල්පාරැවට තියෙන්නෙ.
පව් අනේ තුන්මුල්ලේ විමලට වෙච්ච අබාධයට… සුදු ඇඳගෙන, මල් පූජා කරන්න කියලා, පන්චායුද දාගෙන ආපු, කළු විමලේ හතර අතට බිම වැටිලා හොට බිම ඇනගත් හැටි දැක්කම දුකයි අනේ!
මෙයාට කවුද මොනවා හරි කිව්වාද. හැමදාම වදින්න මල් තියලා කිසි කෙනෙක් මුකුත් කියන්නෙ නැහැ. ඉස්සර කටින් තියපු බෝම්බ අමතකද නාකිමයිනව රජ කරවන්න. රනවිරු සෙවනට ගිහින් ඒ අයට නාවලා කන්න බොන්න දීලා ඇප උප්ස්තාන කරන්න. මල් තියලා වැදලා කෑගහලා වැඩක් නැහැ. රජයෙන් එපා කියන්නෙ නැහැ. කොහොමද බිරිද සනීපෙන් ඉන්නවාද. නඩුවත් ලඟයි නේද. කට්ටියට වුන දෙයක් නේද. හඳහන් බැලුවේ නැත්ද ලහදි
තනිකර ප්‍රෝඩාවක්. ජනාධිපති එක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නේ. මේවට රැවටෙන ගොන් හරක් ඉන්නවා.
ජනාධිපති වෙන්න බෝම්බ තියපු යුගයක් පහුකරලනේ ඇවිල්ල තියෙනනේ ... ඒක තමයි මල් තියනවටත් බය.
විමල් වීරවංශ ඒ දවස් වල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට මොන තරම් අපහාස කලාද? යුද්ධය මෙහෙව්ව නායකයාට එහෙම අපහාස කරපු වීරවංශට එක පාරටම ආව රණවිරු භක්තිය මොකක්ද?
උත්සවය තිබුන දවසෙ ගියානම් ඉවරයිනෙ. බොරු show දාන් නැතිව
තට්ටු දෙකේ මාලිගාවල ඉන්න දෙපිටකාට්ටුවන්ටත් රණවිරුවන්ව මතක්වීම නව ප්රවනතාවයක්! නිලධාරින්ට පාස්පෝ්ට් එක පෙන්නුවනම් හරි!