(සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් ඇමැති නිල නිවාසයක ස්ථාපිත කර ඇත.
මෙම විශේෂ මහාධිකරණය පිහිටුවා ඇත්තේ අංක සී76 බෞද්ධාලෝක මාවත කොළඹ 7 ස්ථානයේ පිහිටා ඇති හිටපු අමාත්‍යවරුන්ගේ නිල නිවාසයකය.
එහි පහසුකම් වැඩි කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා උපදෙස් දුන්නේය.
ඔහු මෙසේ උපදෙස් දුන්නේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට ලබාදී ඇති නිවාසවල අධිකරණ ස්ථාපිත කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එම සියලු නිවාස වල අධිකරණ ස්ථාපිත කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබාදෙන ලෙසටද උපදෙස් දුන්නේය.
විශේෂ අධිකරණ පිහිටුවීමට ඇමැති බංගලා හතරක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට තාවකාලික පදනමින් ලබාදී ඇත.
අංක B / 88 ග්‍රෙගරි පාර කොළඹ 07, අංක C76 බෞද්ධාලෝක මාවත කොළඹ 7, අංක B 108 විජේරාම පාර කොළඹ 7 සහ B12 ස්ටැන්මෝ චන්ද්‍රවංකය යන ලිපිනයන්හි පවතින ඇමැති නිල නිවාස අධිකරණ අමාත්‍යාංශයට මෙසේ බාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd