
(අංජුල මහික වීරරත්න)
මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් බවට පත් කරමින්, මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක සේවාවක් ලබා දීම සඳහා සමස්ත ප්‍රවාහන ව්‍යුහයම කඩිනම් පරිවර්තනයකට ලක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ ය.
ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට අද (12) ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමිනි.
ප්‍රවාහන ක්ෂේත්රයේ පුනරුදයක් වෙනුවෙන් ආර්ථික තරඟකාරිත්වය, පාරිසරික තිරසරභාවය, ඩිජිටල් පරිවර්තනය, සමාජ සමානාත්මතාවය සහ ප්‍රවේශය, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය යන කුළුණු 05 යටතේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙන උපායමාර්ගික සැලැස්ම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd