
(තිළිණි ද සිල්වා )
යාපනය පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරිම සඳහා ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරි සති දෙක ඇතුළතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
එම අවබෝධතා ගිවිසුම මේ වනවිට කෙටුම්පත් කර අවසන් බවත් කැබිනට් අනුමැතිය ලද වහාම ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සමග සංචාරක අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.
යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සදහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300ක ප්‍රධානයක් ලබාදීමට එකඟතාවය පළකර ඇත.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඉල්ලා සිටියේ සිටියේ කටුනායක ගුවන්තොටුපළ නැවත විවෘත කළ වහාම ඉන්දියාවේ කුසිනාරා නුවරට වන්දනාව සදහ පිරිස් එවීමට කටයුතු කරන ලෙසය. එමෙන්ම මෙරට සංචාරක හා ආයෝජන ක්‍ෂේත්‍ර සංවර්ධනය වෙනුවෙන් ඉන්දියානු රජයේ පූර්ණ සහය පළ කරන බව කී ඉන්දියානු මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සදහා ඉන්දියාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි කැමැත්තක් දක්වන බවද සදහන් කළේය.
ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව සුරේන්ද්‍ර මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානු සමාගම්වලට මහා පරිමාණයෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට අප රජය ඉඩ නොදිය යුතුයි. ඉන්දියානු සමාගම් විසින් අප රටේ ආර්ථිකය අල්ලා ගනු ලැබුවහොත් අප රටේ පාලනයට මැදිහත් වනු අැත. අපට ඉන්දියාව හැමදාම කලේ හතුරුකම් මිස මිතුරුකම් නොවේ. කප්පන් ගහන කොමිස් ගහන අපේ දේශපාලකයන් හැමදාම කරන්නේ පිට රටින් ණයගෙන, පිටරටට අපේ රටේ සම්පත් විකුණා කොමිස් කුට්ටි පිටින් සාක්කුවේ දමා ගැනීමයි. ඉන්දියාව අප රට ග්‍රහණය කර ගැනීමට උත්සාහ දරන්නේ අප රටේ දූෂිත බඩගෝස්තර දේශපාලකයින් සිටින නිසායි.
පැවති රජයේ නිවැරදි ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාම අගය කළ යුතුයි.
විමලේ, ගම්මන්පිල, අනුර, මෙන්න ඉන්දියානු ආක්‍රමණයක්... ආණ්ඩුව උතුරට ගුවන්තොටුපලක් දෙන්න යනවා හමුදාවෙන් උදුරාගෙන... අපි ලිප්ටන් එකට එන්නද?
මෙය පසුගිය "යහපාලන" රජයේ තීරණයක්.