(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලූ තිස් දෙදෙනෙකු කොරෝනා වෛරස ආසාදන වූවන් ලෙස අද (06) උදෑසන වාර්තා වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය
ඒ අතර කැස්බෑව නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ 20 දෙනෙකු සහ සුපිරි වෙළඳසැලක 11 දෙනෙකු ලෙස ආසාදිතයින් තිස් දෙදෙනෙකු වාර්තා වී ඇත .
මේ වනවිට පිළියන්දල නගර සභාව සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර ආසාදිතයින්ගේ සමීපතමයින් ඉවත් කොට සඳුදා සිට එම ස්ථාන යළි විවෘත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය බලධාරිහු පවසති.
මීට පෙර නගර සභාවෙන් 10 දෙනෙකුද , සුපිරි වෙළෙඳ සැලෙන් 04 දෙනෙකු ද, ආර්ථික මධ්‍යස්ථානයෙන් 13 දෙනෙකු ද වාර්තා වී තිබීම නිසා ඊයේ (05) සමීපතමයින් 250 දෙනෙකුගේ පමණ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී මෙම ආසාදිතයින් තිස් දෙදෙනා හඳුනා ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පිළියන්දල නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලූ 32කට කොරෝනා