(ඉන්දිකා රාමනායක)
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ එයාර් චීෆ් මාෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් (පැඩී මෙන්ඩිස්) (89) මහතා අද (18) අභාවප්‍රාප්ත විය.
1951 වසරේ අගෝස්තු මස 08 වැනි දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන ආධුනික නිලධාරියා වශයෙන් ඒ මහතා රාජකීය ගුවන් හමුදාවට එක්ව ඇත.
මුලික පුහුණුව හා ගුවන් නියමු උපදේශන පුහුණුව බ්‍රිතාන්‍යයේ දී හදාරා ඇති ඒ මහතා එවකට බලපන්ති ලුතිනන් නිළයේ සිට සුදුසුකම් ලත් පියාසර උපදේශකයකු වශයෙන් පුහුණුව ලැබු ප්‍රථම ශ්‍රි ලංකාකික යාද විය.
ගුවන් හමුදාව් දක්ෂ නිලධාරියෙක් වශයෙන් විවිධ නිළ තල හොබවමින් 1971. ජනවාරි මස 01 වැනි දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ සිව්වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් පත්ව ඇති අතර, ඒ මහතා රාජකීය ලංකා ගුවන් හමුදාවෙන් වෘත්තිය ජීවිතය ආරම්භ කළ එම ගුවන් හමුදාවේම ගුවන් හමුදාපතිවරයා වශයෙන් පත් වු පළමු ශ්‍රි ලංකිකයාද වන වේ.
වර්ෂ 1972 දී ශ්‍රි ලංකා ජනරජයක් වීමත් සමග ම රාජකීය ගුවන් හමුදා ශ්‍රි ලංකා ගුවන් හමුදාව බවට පත් වීමත් සමගම ඒ මහතා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපතිවරයා වශයෙන් ඉතිහාස ගත විය.
(පැඩී මෙන්ඩිස්) මහතාගේ දේහය මහජන ගෞරවය සදහා ගල්කිස්ස පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (19) පස්වරු 2.00 ට ගුවන් හමුදා ගෞරව සහිතව ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පළමු ගුවන් හමුදාපති දිවි සැරිය නිමාකරයි
SUNIL MILANO Wednesday, 19 January 2022 07:54 PM
ඔබතුමා තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර, අජරාමර උතුම් වූ නිවන් සුව ලැබේවා කියා පතමි..!!!