
(ඩී.ජී.සුගතපාල)
උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට යාම සඳහා ඉන්ධන නැතැයි පවසමින් අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයිමේ රාජකාරි කටයුතුවලට පැමිණෙන ගුරුවරු පිරිසක් අද (18) උදේ ගාල්ල කොටුව සවුත්ලන්ඩ්ස් විදුහල අසළදි උද්ඝෝෂණයක් ඇරැඹුහ.
ගාල්ලේ විදුහල් තුනක උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවල ගුරුවරු එකසිය පනහකට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
ඔවුන් කියා සිටියේ තමන්ට උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට ඒමට ඉන්ධන නොමැති බවත් මේ තත්වය තව දුරටත් පැවතුනහොත් සාමාන්‍ය පෙළ ප්‍රතිපල පමාවි අධ්‍යාපනයද අවුල් ජාලයක් වනු ඇති බවත්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට ගිය කලක්.. බැරි දේ කරන්නට ගොස් රට වැට්ටුවා හොඳටම ඇති. දැන් හෝ රාජපක්ෂ පවුල් පාලනය අවසන් වේවා..!!!
ඇත්ත කතාව. නමුත් ස්ටාලින්ලාට... මේකෙන් තවත් උද්යෝගයක් වෙන්න පුළුවන්. ස්ට්‍රයික් කරන්න මාතෘකා නැතිව ඉන්නේ...
ඒ වුණාට ඉතින් අපේ ළමයි වගේද පාලකයින්ගේ මුර කරුවන්ගේ වාහනවලට ඉන්ධන ගහන එකට නේද ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ..? ළමයින් ගේ උත්තර පත්‍ර බැලුවා වගේද පාලකයින්ව මුරකරන එකනේ අත්‍යාවශ්‍ය සේවා කියන්නේ මේ රටේ...?
කොරෝනා කාලේ රටට අඩ තියපු ප්‍රමුඛ පිරිසක් තමයි ගුරුවරු... මේ මොන විහිළුවක් ද? තෙල් නැත්තන් මවලා දෙන්නද? කිසිම කැප කිරීමක් කරන්නට අකැමැති, මස් රාත්තලම ඉල්ලන මෙයාලා දෙවැනි වෙන්නේ අර අන්තරේ කියන කඩාකප්පල්කාරී සංවිධානයට විතරයි...
මටත් කාර් එකක් තියෙනවා පෙට්‍රල් ගහන්න සල්ලිත් තියෙනවා. නමුත් මම දැන් වැඩට යන්නේ එන්නේ දුම්රියේ හෝ බස් එකේ... මමත් කොම්පැනියක ඉහළ නිලයක් දරන කෙනෙක්... ගුරුවරුන්ට වැඩට යනකොට පොදුවාහනවල යන්න බැරිද?
රටේ මෝඩ හැත්ත කෑගහනවා... ඉවසන්න පුළුවන් මේ ගුරුවරුන්ට තේරෙන්නේ නැද්ද රටේ තෙල් නැහැ. රටේ නැති මගුලක් කොහෙන් දෙන්නද? උත්තරපත්‍ර බලන්න යන්න බැරිනම් බැහැ කියලා වෙන දෙයක් කරන්න. ළමයි පාසල් නොගිහින්ම ඉන්නේ. ඔබලා මාස ගණන් උද්ඝෝෂණය කරනකොට ඔය උත්තර පත්තර බලන අමාරුව තිබුණේ නැහැ නේද? කෝ ජෙප්පන් නැද්ද ඔබලාට පැට්‍රල් දෙන්න.
ඉතින් මේ ගුරුවරුන්ට බස්වල යන්න බැරිද? අපි ඉස්කෝලෙ යන කාලේ ගුරුවරුන්ට වාහන තිබ්බේ නෑනේ..?
ඉන්ධන දෙන්න බැරිනම් ප්‍රවාහන පහසුකම් සලසන්න. ඉන්ධන ගැනීමට පෝලිමේ සිටින සමහරක් අය දොස්තරවරුන්ටවත් ඉන්ධන ගන්න දෙන්නේ නැහැ. ඒ ගැන කිසිවකු බලන්නේ නැහැ. පොලීසියේ උන්දැලා තමයි අත්‍යාවශ්‍යම සේවය කියලා ඉන්ධන ගන්නවා. දවාලේ එක කොස්තාපල් කෙනෙක් ගැහැණියකට ඉන්ධන පෝලිමෙන් පිටින් දීලා මිනිස්සු කුලප්පු වෙලා දැක්කේ රූපවාහිනී පුවතක් මගින්...
මේ ගුරුවරුන්ට බස්වල යන්න බැරි ඇයි...?
මේ අයට උද්ඝෝෂණය කරන්න පුළුවන්... වැඩ කරන්න තමයි වෙලාව නැත්තේ...