(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නීති සංශෝධන පාර්ලිමේන්තුවට ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කර සම්මත කරගැනීමට මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය.
පළාත් සභා වසර තුනකට අධික කාලයක් අක්‍රීයව පැවතීම හේතුවෙන් රටේ ගැටලු රැසක් නිර්මාණය ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
එක් අයෙකු විසින් පළාත් සභාව පාලනය කරනු ලැබීම සාධාරණ නොවන බවත් පළාත් පාලන ආයතන සහ පාර්ලිමේන්තුව සක්‍රීයව පැවතියත් අක්‍රීයව පවතින්නේ පළාත් සහා පමණක් බවත් මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.
ඒ හේතුවෙන් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ක්‍රියා කළ යුතු බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර පවතින පළාත් සභා මැතිවරණය පැරැණි ජන්ද ක්‍රමය යටතේ පැවැත්වීම සඳහා කටයුතු කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ මෙහිදී පෙන්වා දුන්හ.
සභානායක,දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී පැවසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කිරීම සුදුසු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්... ඔව්, අපි දෙන්නා බලාගෙන ඉන්නේ...!
මේ අපරාධය කරන්න එපා. පළාත් සභාවෙන් මහජනතාවට කිසිම සෙතක් වෙන්නේ නැහැ. දැනට වසරකට කලින් කීවේ වසරකට කෝටි 7000 ක් පමණ වැය වෙනව කියලා. දැන් එමෙන් දෙගුණයක් විය හැකියි. කොහොමත් වසරකට කෝටි 10000ක් පනීවි. පක්ෂ භේදයකින් තොරව ජේවීපියත් මේකට කැමති වේවි... කවුරුත් කැමති වේවි. මොකද යන එන මං නැති කාටත් පළාත් සභාව හොඳ තෝතැන්නක්. ඒ නිසා ඉන්දියාව මොන බලපෑම් කළත් මේ අපරාධය කරන්න එපා. ජේ.ආර් අපේ රටට කරලා ගිය අපරාධ ඇති. කවුරුත් එකයි. හිඟන්නෝ කැමති නැහැ තුවාලේ හොඳ වෙනවාට. තුවාලෙට පණුවො වහන තරමට තමයි හිඟමන් ලැබෙන්නේ. දැන් ලංකාවේ දේශපාලනයත් ඒ වගේ තමයි. මට නම් දැන් වයසයි. මට දැන් අහකට යන්න වයස හරි. ඒ වුණාට අපේ දරුවන්ට රටක් ඉතුරු කරන්න. රටේ ඉන්න අයට පණ දෙන්න මේ පළාත් සභාව මාවතක් කර ගන්න එපා. මෙච්චර කල් පළාත් සභාව නැතිව මොකක්ද වෙච්ච පාඩුව? මොන දේශපාලන පක්ෂය දිනුවත් ජනතාව පරාදයි. ඒ නිසා මේ අපරාධය කරන්න එපා...
මුන් මොන ලෝක වලද ඉන්නේ .මේ වෙලාවේ ජනතාවට ඕන තව චන්දයක්ද ?සල්ලි නෑ කිය කිය ඉන්නවා .හැබැයි චන්දෙට සල්ලි තියනවා
භාණ්ඩ මිල මෙතරම් ඉහළ නංවන්නේ පළාත් සභා මැතිවරණය වෙලාවෙ අඩුකරල මැතිවරණය දිනන්න කරන කුමන්ත්‍රණයක්ද කියලා හිතෙනවා එහෙම කරලා නැවතත් අඩුකලාටත් වැඩියෙන් වැඩි කරන්න හොදටම ඉඩ තියෙනවා 69 බයියො රැවටේව් කියත්මගේ කල්ලිය මෙවරත් ජනතාව මුලා කිරීමට ඉදිරිපත් වේවි.